BREAKING NEWS
Search

වාහනවල හිමිකාරිත්වය පැවරීමේදී දැන්, මේ දේ අනිවාර්යයි..

944

වාහනවල හිමිකාරිත්වය පැවරීමේදී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය හෙවත් “TIN අංකය” මේ වන විට අනිවාර්යය කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මෙතෙක් කලක් නව වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම සඳහා පමණක් TIN අංකය අනිවාර්යය කර තිබුණු අතර, ජනවාරි මස 05 වැනිදා සිට ලියාපදිංචි වාහනවල හිමිකාරීත්වය පැවරීමේදී ද එය අනිවාර්යය කර ඇති බවයි සඳහන් වන්නේ.

යතුරුපැදි, අත් ට්‍රැක්ටර්, ට්‍රැක්ටර් සහ ත්‍රිරෝද රථ හැර, අනෙකුත් සියලු මෝටර් වාහන ලියාපදිංචියේදී හා අයිතිය පැවරීමේදී අදාළ නව අයිතිකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය සහ බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය හෙවත් “TIN අංකය” මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ඇතුළත් කළ යුතු බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!