සය වසරකට පෙර දුටු සිහිනය සෑබෑ විය…… 💪💪💪
2019 .පෙබරවාරි මාසයේ මා රදනිආර පවුල් සෞඛ්‍ය සේවා කොට්ඨාසයට ( රදනිආර හා නමනැලිය ගම්මානයන්හි) සේවයට පැමිණ දැනට පුරා සය වසරක් සේවය කර දැනට වෙනත් කොට්ඨාශයකට ස්ථාන මාරුවීම් ලබා ඇත….
රාජකාරියට පැමිණි මුල්ම දිනයේම රදනිආර සෞඛ්‍ය මධ්‍යස්ථාන ගොඩනැගිල්ලත් එය පිහිටි භූමියටත් බාහිර පාර්ශවයන්ගෙන් එල්ල වී ඇති බලපෑම දුටු මට ඇතිවූයේ කලකිරීමකි
රාජ්‍ය ආයතනයක් පිහිටි භූමියක හතර මායිම පැහැදිලි කරගැනීමට නොහැකි වීමත් එම භූමියට භාහිර පරශවයන්ගෙන් ඇතිවී ඇති බලපෑමත්. විශේෂයෙන්ම සෞඛ්‍ය සම්බන්ධව වැඩ කරන ආයතනයක් විදිහට එම පරිසරෙයේ ගුණාත්මක බ්ව පිලිබදවත් දුටු මා එදිනම අදහස් කරගනු ලැබුවේ මාගෙන් ඉටුවිය යුතු මූලික රාජකාරීන්වලට අමතරව කෙසේ හෝ මෙම සෞඛ්‍ය මධ්‍යස්ථානයට බාහිරින් එල්ල වී ඇති බලපෑම් නිමාකොට අලංකාර සෞඛ්‍ය මධ්‍යස්ථානයක් බවට පත් පත් කරගතයුතු බවය.
ඒ අනුව
👉 මධ්‍යස්ථානයට පිවිසෙන පඩිපෙළ දෙපසින්ම තිබූ අවහිරතාවයන් ඉවත් කිරීම
👉 ඉදිරිපසට පැතිබැම්මක් සහ ආරක්ෂිත වැටක් ඉදිකර මධ්‍යස්ථානය පිහිටි ඉඩම වටා ඇති වැට සකස් කිරීම
👉 මධ්‍යස්ථානයේ ඉදිරිපස මිදුල සැකසීම
👉 ළදරුවන්ගේ බරකිරන ස්ථානයට සුනඛයන් ඇතුල්වීම වැළැක්වීම සඳහා ආවරණයක් ඉදිකිරීම.
ඒවා අතර ප්‍රධාන කාර්යන් විය
මෙම කාර්යන් සඳහා ප්‍රතිපාදන වෙන්කර ගැනීමට එවක රාජ්‍ය යාන්ත්‍රණයෙන් ඉල්ලීම් රාශියක් සිදුකලද ,එය ඒ මොහොතේ ඉටු නො විය.
අවසානයේ මා හට ඉතුරු එකම විකල්පය වූයේ ප්‍රජාව සමඟ එක්ක ප්‍රජාදායකත්වය ඇතුව මේ වැඩ කොටස සිදුකරන ගත යුතුය යන්නයි.
💪 එල්ල වූ විවිධ බලපෑම් හමුවේ වුවද පසුබට නොවී මධ්‍යස්ථානය ඉදිරිපස තිබූ බාධකයන් ඉවත් කිරීම සඳහා මා කටයුතු කිරීම නිසාත්, සාමාන්‍ය රාජකාරිය කටයුතු සිදුකිරීමේදී පක්ෂග්‍රාහී නොවීමත් කිසිදු පාර්ශ්වයකට විශේෂ සැලකිල්ලක් නොදැක්වීමත් යන කරුණු නිසාම ප්‍රජාවට මා කෙරෙහි විශ්වාසයක් ගොඩ නැගෙමින් තිබුනු බැවින් ප්‍රජා සහභාගිත්වය ඇතුව මෙම කටයුත්ත සිදු කිරීමට හැකි යැයි මා තුළ පැවති විශ්වාසය තවදුරටත් තහවුරු විය.
එහෙත් වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අනෙකුත් ග්‍රාම නිලධාරී වසම් වලට සාපේක්ෂව ගත් කල මෙම වසම් දෙකෙහි බහුතරයක් පවුල් ඉතාම දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් වන නිසාත් පැවති කොරෝනා වසංගතය හා ආර්ථික අර්බුදය හමුවේ ඔවුන්ට ඇති වී ඇති බලපෑම මත එය ඉටු කිරීම එතරම් පහසු නොවන බවත් මා දැන සිටියෙමි.
එනිසා වඩාත් සැලසුම් සහගතව මෙය සිදුකළ යුතු බැවින් ඒ සඳහා ප්‍රධාන වශයෙන් පියවරෙන් තුනක් තබන ලදී.
01. මෙම කටයුත්ත සිදු කිරීමේදී එහි නියමුවන් ලෙස රදනිආර සහ නමනැලිය මව් සමාජවල සාමාජික සාමාජිකාවන් එක් කර ගැනීම හා ඔවුන් එකඟ කර ගැනීම.
02. ගම්මාන දෙකෙහිම විවිධ සමිති සමාගම්වල ප්‍රජා නායකයින් හා ක්‍රියාකාරී පුද්ගලයන් මෙන්ම විවිද ග්‍රාමීය දේශපාලනික ක්‍රීයාකාඑඊන් එක් කර ගනිමින් ඔවුන් සමඟ සාකච්ඡා කර මෙම කටයුත්ත සම්බන්ධව ඔවුන්ගේ සහයෝගය ලබාගැනීම.
03. අරමුදල් එක් රැස් කර ගැනීමටත් අවශ්‍ය පුහුණු සහ නොපුහුණු ශ්‍රමය ලබා ගැනීමටත් විනිවිදභාවයෙන් යුතු සැලසුමක් සකස් කිරීම.
ඒ අනුව පුද්ගලයින් 254 දෙනෙකුගේ මූල්‍ය දායකත්වයත්, පුද්ගලයින් 19 දෙනෙකුගේ ද්‍රව්‍යමය දායකත්වයත්. පුද්ගලයන් 33 දෙනෙකුගේ විවිධ සේවාවන් සඳහා දායකත්යත්, පුද්ගලයන් 34 දෙනකුගේ පුහුණු ශ්‍රමයත් . පුද්ගලයින් 158 දෙනෙකු ගේ නුපුහුණු ශ්‍රමයක් ලබා ගනිමින්.
අපේක්ෂාකල මට්ටමටත් වඩා ඉහලින් මෙම කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා අපිට හැකිවීම සම්බන්ධව අවංකවම සතුටු වෙමි .
👍 මෙහිදී පුහුණු ශ්‍රමය වෙනුවෙන් මෙන්ම නුපුහුණු ශ්‍රමය වෙනුවෙන්ද සංග්‍රහ සහ දිවා හාරවෙනුවෙන්ද, ගමන් වියදම් වෙනුවෙන්ද කිසිදු මුදලක් වැය නොකළ අතර ඒ සියල්ල ප්‍රජාවගේ දායකත්වයෙන් සිදුවූ බවද සටහන් කළ යුතුය.
🙏ඒ අනුව මා දුටු මෙම සිහිනය යථාර්ථයක් බවට පත් කරගැනීම සඳහා මුදලින්, ශ්‍රමයෙන්, ද්‍රව්‍ය වලින් හා සේවාවන්ගෙන් ඇතුළුව නන් අයුරින් අයුරින් සහ දුන් රදනිආර, නමනැලිය හා අවට ගම්මානවල ආදරණීය ජනතාවට මගේ ගෞරවනීය ස්තුතිය පුදකර සිටිමි.
🙏 එමෙන්ම මෙය යථාර්ථයක් කරගත හැකි හීනයක් බවට විශ්වාස කරමින් මා හට ශක්තියක් වීමට මාත් සමග එකතු වූ රදනිආර හා නමනැලිය මව් සමාජවල ආදරණීය සාමාජික සාමාජිකාවන්ටත් ගම්මාන දෙකෙහිමි ප්‍රජා සංවිධානවල නායකයින්ට හා සමාජ ක්‍රියාකාරීන්ටත් මාගේ ගෞරවනීය ස්තුතිය පුද කරමි.
🙏 ප්‍රජාව විසින් එක්ව සේච්ඡාවෙන් සිදු කරනු ලැබූ මෙම කටයුත්ත අහම්බෙන් හෝ දැක එය දිරිමත් කිරීම සඳහා ඩීවී චානක ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ මන්ත්‍රී ප්‍රතිපාදන රුපියල් ලක්ෂයක් ගොඩනැගිල්ල පින්තාරු කිරීම සඳහා වෙන්කර දීමට සම්බන්ධීකරණය කටයුතු කළ ඩී වී උපුල් මැතිතුමාටද මාගේ ගෞරවනීය ස්තූතිය පුද කරමි.
🙏 ආරම්භයක් ලබා ගැනීම සඳහා සෞඛ්‍ය මධ්‍යස්ථානය ඉදිරිපිට තිබූ බාධකයන් ඉවත් කර ගැනීම සඳහා සහයවූ එවකට කටුවන ප්‍රාදේශීය සභාවේ සභාපතිව සිටි මහින්ද ගමාච්චි මැතිතුමාටත් එහි ගරු ලේකම් නිලන්ත ගුණසේකර මැතිතුමාටත් තාක්ෂණනික නිලධාරී තුමාටත් මාගේ ගෞරවනීය ස්තුතිය පුද කරමි
🙏💪 මෙම කටයුත්ත ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කරන අනුමැතිය හා අවසරය ලබා දෙමින් අවශ්‍ය කරන සෑම මොහොතකම මාව දිරිමත් කරමින් හා අධීක්ෂණය කරමින් මෙම කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා යෝධ ශක්තියක් වූ වලස්මුල්ල ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කසුන් මදුශංක ( Kasun Madhushankha ) වෛද්‍ය නිලධාරී තුමාතාටත්. අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තරිඳු එස් දිව්තුරේ( Tharindu Diviture ) වෛද්‍ය නිලධාරි තුමාටත් මාගේ ගෞරවනීය ස්තුතිය පුදරමි. 🙏❤
🙏 අවශ්‍ය කරන අවසරය සහ අනුමැතියන් ලබා දෙමින් මෙය සාර්ථක කර ගැනීම සඳහා සහාය දැක්වූ හම්බන්තොට දිස්ත්‍රීක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක තුමියට හා එම කාර්යාලයේ තාක්ෂණික නිලධාරිතුමාට ද මාගේ ගෞරවන ස්තුතිය පුද කරමි.
🙏 බොහෝ අවස්ථාවන්වල මාගේ රාජකාරීන් කටයුතු ආවරණය කරමින් මා හට සහාය දැක්වූ මාගේ සහෝදර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් ඇතුළුව මහජන සෞඛ්‍ය හෙද සොයුරියද ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරමි.
🙏වලස්මුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ සියලුම කාර්‍යා මන්ඩලයටත්
🙏ප්‍රජාවත් සමග මෙවන් කටයුත්තක් සිදු කිරීමේදී බොහෝ විවේචනයන් එල්ල වන බව මා හොඳාකාරවම දැන සිටි බැවින් එසේ ප්‍රජාවෙන් පැමිණි සියලු විවේචනයන් මා විනිශ්චයකින් තොරවම ඉවත් කළ අතර. එහෙත් අපේක්ෂා නොකළ ස්ථානයන්ගෙන් ලැබුණු විවේචනයන් මේය සාර්ථක කර ගැනීම සඳහා මා තව තවත් ශක්තියක් කර ගත් බැවින් එවන් විවේචනයන් කල අයටද මාගේ ගෞරවනීය ස්තුතිය පුද කරමි.
🙏💪 මේ සියල්ලට වැඩිමනක් කාලය වැය කිරීමට සිදුවිය. ඒ සියල්ලගෙම වැඩිම අවාසිය විදදරාගනිමින් ඒ කාලය පුරාවටම වැඩිම අවාසිය විඳගත් ආදරණීය මගේ දරුවන් දෙදෙනනාද සිහිපත්කල යුතුමය.
🙏💪💪 ප්‍රජාවන් සමඟ සිදු කරනු ලබන මෙවන් වැඩකටයුතුවලදී ඔහු සතු අත්දැකීම් හා කුසලතාවයන් නිරන්තරයෙන් මා හා බෙදා ගනිමින් මෙම කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා මා පිටුපසින් සිට මා හට ශක්තියක් වූ මාගේ ආදරණීය සැමියාද ( Amal Chathuranga Hettiarachchi ) සිහිපත් කළ යුතුමය.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නැවතත් වරක් මෙම කටයුත්ත සාර්ථක කර ගැනීම සදහා මා කෙරේ විශ්වාසය තබමින් මුදලින්, ශ්‍රමයෙන්, ද්‍රව්‍යවලින්, සේවාවන්ගෙන් හා නොයෙක් ආකාරයෙන් සහයෝගය දැක්වූ රදනීආර හා නමනැලිය ගම්මාන දෙකෙහි ජනතාවට මම මගේ ගෞරවනීය ස්තූතිය පුද කරමි
සැබැවින්ම මෙය මාදුටු හීනය සෑබෑවීමකි