BREAKING NEWS
Search

මේ වසරේ අලි මරණ වාර්ථාවක් තියයි…!

529

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව, 2025 වසරේ මුල් මාස හත තුළ වාර්තා වී ඇති අලි මරණ සංඛ්‍යාව, 2024 වසරේ එම කාලයට සාපේක්ෂව සැලකිය යුතු වැඩිවීමක් පෙන්නුම් කරයි.

2024 වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ වාර්තා වූ මුළු අලි මරණ සංඛ්‍යාව 213ක් වන අතර, 2025 වසරේ අදාළ කාලය තුළ එම සංඛ්‍යාව 238ක් දක්වා ඉහළ ගොස් ඇත.

විශේෂයෙන්ම, 2025 වසරේ මුල් මාස හත තුළ වාර්තා වූ අලි මරණ පිළිබඳ මාසික දත්ත පහත පරිදි වේ:

ජනවාරි: 47
පෙබරවාරි: 33
මාර්තු: 39
අප්‍රේල්: 35
මැයි: 28
ජූනි: 35
ජූලි: 21
මෙම දත්තවලට අනුව, 2025 වසරේ වැඩිම අලි මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජනවාරි මාසයේදීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!