BREAKING NEWS
Search

තිසර – නිෂී පුංචි කැදැල්ලට ආපු පුංචි සුරංගනාවී… තිසාරා බබාව මුලින්ම දකින්න ලැබෙන්නේ කවද්ද ? නිෂී පලමුවරට හෙළි කරයි

929

 

 

පසුගිය කාලයේ සමාජ මාධ්‍ය හරහා වඩාත් කතාබහට ලක්වුණු යුවළක් තමයි, තිසර පෙරේරා – නිෂී හතරසිංහ කියන්නේ.

එත් එක්කම ඒ දෙන්නගෙ ආදර කතාව ගැන දැනගන්න ඔවුනට ආදරේ කරන කවුරුත් හරි උනන්දුවෙන් බලාගෙන හිටියා.

ඔන්න ඉතින් එහෙම බලාගෙන උන්නු අය වෙනුවෙන් , නිෂී එයාගෙ ආදර කතාව කියලා තිබුණා.

ඒ, එයාලගේ පුද්ගලික සමාජ මාධ්‍ය ගිණුමකින්..

ඔන්න ඉතින් කතාව කෙටියෙන්ම මෙහෙමයි…

”තිසර අයියා මාව දැකලා මට කැමති වෙලා ඊට පස්සෙ මාත් එක්ක එයාගෙ ජීවිතේ ගැන කිව්වා.

ඊට පස්සෙ එයා මගෙන් ඇහුවා මගේ විස්තර කොහොමද කියලා.

ඉතින් එතකොට අපි දෙන්නම දෙපැත්තක හිටපු නිසා අපි දෙන්නම දේවල් කතා කරලා, එයා කැමති දේවල් අකමැති දේවල් කතා කරලා අපි දෙන්නා ගැළපෙනවද කියලා බලලා තමයි අපි දෙන්නා එකතු වුණේ.

තිසර අයියට එයාගෙ කලින් ජීවිතේ තිබුණු ප්‍රශ්න එයා මට කිව්වා. මම මගේ ජීවිතේ ප්‍රශ්න ටික කිව්වා.

ඉතින් ඒ දේවල් ඔක්කොම බලලා අපි දෙන්නා හරි විදියට අපි දෙන්නගෙ ආදරේ අපි පටන් ගත්තා…”

ඒත් එක්කම ඔන්න ඔයාලට තිබුණු තවත් ප්‍රශ්නයකටත් එයා මේ විදිහට උත්තර දීලා තිබුණා.

තිසාරා බබාව පෙන්වන්නෙ කවද්ද ?

”තිසාරව පෙන්වන්නෙ තිසාරගෙ තාත්තගෙ පර්මිෂන් එක ලැබුණු දවසට. එයා තමයි කැමති නැත්තෙ දැන්ම එයාව පෙන්වනවට. එයා තාම චූටි නිසා සහ මිනිස්සු හරි අමුතු චරිත ඉන්නවා මේ සමාජයේ. ඉතින් පොඩි ළමයෙක්ට ගොඩාක් නරක කතා කියන මිනිස්සු හිටියා. මැසේජ් එව්වා. ගොඩක් නෙවෙයි, කිහිපදෙනෙක්.

අපිත් එක්ක තියෙන තරහා අපිත් එක්ක පිට කරන්න. මොකද කිසිම දෙයක් දන්නෙ නැති චූටි බබෙක්ට එක එක ඒවා කියන්න එපා…..”

Source – Hiru Gosip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!