BREAKING NEWS
Search

හරක් කටාගෙන් අල්ලස් ගත් අය එලියෙ.. හිටපු ඇමතිවරු, ලේකම්වරු, ඇමති පුතෙක්, චරිතවත් කලාකරුවෙක් ඒ අතර..

5345

නදුන් චින්තක නොහොත් හරක් කටාගෙන් අල්ලස් ඉල්ලු පිරිස පිළිබඳ ඉදිරියේදී විශාල අනාවරණයක් සිදුවනු ඇති බව අන්තර්ජාල නාලිකායක වැඩසටහනක් ඉදිරිපත් කරමින් මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා පවසයි.

ඉන් නම් කිහිපයක් මේ වන විටත් අධිකරණය හමුවේ සහ මාධ්‍ය ඔස්සේ අනාවරණය වී ඇති බවත් හෙතෙම කියයි.

මෙරට හිටපු ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනෙකුල ඇමති පුත්‍රයෙකු, පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සහ කලාකරුවන් අතර සිටින චරිතවත් කලාකරුවෙකු ඇතුළු පිරිසක් ඒ අතර සිටින බවට වෙනත් තොරතුරු මුලාශ්‍රයක් ඔස්සේ ද තොරතුරු ලැබී ඇති බවද ඔහු මෙහිදී හෙළිකරයි.

ඉන් ඇතැම් පුද්ගලයින් හරක් කටා මරා නොදැමීම සඳහා අල්ලස් ඉල්ලා ඇති අතර තවත් පිරිසක් ඔහුට විවිධ පහසුකම් සැපයීම සඳහා මෙලෙස අල්ලස් ඉල්ලා ඇති බවට චෝදනා එල්ල වී ඇත.

Source – lanka c news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!