BREAKING NEWS
Search

ජලය වැඩිපුර යනවා කියා රක්‍ෂිතයේ ගස් දාහක් කපන්න යයි..

853

ජලය වැඩිපුර යනවා කියා රක්‍ෂිතයේ ගස් දාහක් කපන්න යයි..
කුරුණෑගල නගරාසන්නයේ පිහිටි සුන්දරාපොළ රක්ෂිත වනාන්තරයේ විශාල ප්‍රමාණයේ ගස් 1000ක් කපා ඉවත් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය දැව සංස්ථාව පියවර ගෙන ඇති බවට වාර්තා වේ.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් කුරුණෑගල මහ නගර සභාවේ විපක්ෂ නායක සුමේධ අරුණශාන්ත (සජබ) ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් කරන ලද සංචාරයකින් අනතුරුව කරුණු අනාවරණය විය.

අරුණශාන්ත මහතා ප්‍රකාශ කළේ, මෙය රජයේ වුවමනාවකට අනුව සිදුවන බවට තොරතුරු ලැබී ඇති බවත්, රාජ්‍ය දැව සංස්ථාවේ ඉල්ලීමකට අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ මෙම වන විනාශය සිදුවන බවත්ය.

මින් පෙර කිසිදු රජයක් මෙම වනාන්තරයට හානි කර නොමැති බව ඔහු අවධාරණය කළේය. මෙම ක්‍රියාවෙන් ලාභයක් අපේක්ෂා කළද, ඉන් සිදුවන පාරිසරික හානිය වචනවලින් විස්තර කළ නොහැකි බවත්, ඉදිරියේදී කුරුණෑගල නගරයට දැඩි පාරිසරික බලපෑමක් ඇති විය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

දැව සංස්ථාවේ නිලධාරීන් විසින් මන්ත්‍රීවරුන් වෙත දැනුම් දී ඇත්තේ තේක්ක, මහෝගනී, කොස් වැනි ගස් දාහක් මෙම ව්‍යාපෘතිය යටතේ ඉවත් කරන බවයි.

ඔවුන්ගේ පැහැදිලි කිරීමට අනුව, තේක්ක ගස්වලට විශාල ජල ප්‍රමාණයක් අවශ්‍ය වන බැවින් මෙම ගස් කැපීමට තීරණය කර ඇති අතර, තවද මෙම ගස්වල කාලය ඉකුත්ව ඇති බවද සඳහන් කර තිබේ.

අරුණශාන්ත මහතා වැඩිදුරටත් කියා සිටියේ, කුරුණෑගල නගරයට ආදරය කරන සියලු දෙනා “ක්ලීන් ශ්‍රී ලංකා” මුවාවෙන් සිදු කෙරෙන මෙම මහා වන විනාශයට එරෙහිව එක්විය යුතු බවයි.

lanka C news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!