BREAKING NEWS
Search

කඩවත සාමණේර හිමිවරුන් අප‍යෝජනය කළ තෙනමක් රිමාන්ඩ් වඩිති

965

කඩවත ප්‍රදේශයේ භාවනා මධ්‍යස්ථානයකදී වයස අවුරුදු 12 සහ 13 වයස්වල පසුවන සාමණේර හිමිවරුන් තිදෙනකුට බරපතළ ලිංගික අපයෝජනයන් සිදුකළ බවට චෝදනා එල්ල වූ ස්වාමීන් වහන්සේ තෙනමක් ලබන 22 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර ප්‍රධාන මහෙස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය පසුගිය 13 වන දා නියෝග කළාය.

 

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ වයස අවුරුදු 35ත් 50ත් අතර වයස්වල පසුවන, කඩවත පොලිස් බල ප්‍රදේශයට අයත් භාවනා මධ්‍යස්ථානයක වැඩ වාසය කළ තිදෙනෙකි.

 

 

සැකකාර ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ සුගත් තල්වත්තේගෙදර මහතා කරුණු දක්වමින්, මෙම චෝදනාව එල්ල කර ඇත්තේ එම භාවනා මධ්‍යස්ථානයේ සිටින සාමණේර හිමිවරුන් අට නමගෙන් තුන් නමක් පමණක් බව පෙන්වා දුන්නේය. එම සාමණේර හිමිවරුන් භාවනා මධ්‍යස්ථානයේ කුටියකින් මුදල් සොරකම් කර, රුපියල් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් ජංගම දුරකථන මිල දී ගෙන ඇති බවත්, එම දුරකථන රැගෙන ඉන් පිටව යාමට උත්සාහ කිරීමේදී පිරිසක් විසින් පොලිසියට භාර දී ඇති බවත් නීතිඥවරයා අධිකරණයට දැන්වීය. සොරකම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව එම සාමණේර හිමිවරුන් මෙම අපයෝජන කතාව ගොතා ඇති බවට සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා වැඩිදුරටත් කරුණු ගොනු කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *