BREAKING NEWS
Search

කුලියාපිටිය අනතුරේ ටිපර් රියදුරා රිමාන්ඩ් – පැය 24කට අධිකව රිය ධාවනයේ

4095

පාසල් සිසුවියන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකුට මරු කැඳවමින් කුලියාපිටිය විලපොළ මංසන්ධියේ සිදුවූ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටිපර් රථයේ රියදුරා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඊයේ (27) උදෑසන ටිපර් රථයක් සහ පාසල් වෑන් රථයක් ගැටී විලපොළ මංසන්ධියේ පල්ලෙවෙල පාලම මතදී සිදුවූ අනතුරෙන් තිදෙනෙකු මියගොස් පාසල් සිසුවියන් 13 දෙනෙකු තුවාල ලැබීය.

සිද්ධියට අදාළව කුලියාපිටිය පොලීසිය විසින් ටිපර් රථයේ රියදුරා අත්අඩංගුවට ගත් අතර ඔහු මෙලෙස අද කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා හමුවට ඉදිරිපත් කෙරුණි.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකාබැලීමෙන් අනතුරුව සැකකාර ටිපර් රථ රියදුරා සැප්තැම්බර් මස 8 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

අදාළ රියදුරා පැය 24කට අධික කාලයක් නිදිවර්ජිතව රිය ධාවනය කර ඇති බවට අනාවරණය වී ඇති බවද පොලීසිය අධිකරණය හමුවේ පවසා තිබේ.

ඒ අනුව අදාළ ටිපර් රථයේ හිමිකරුට විරුද්ධව ද ඉදිරියේදී අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අධිකරණයේදී අනාවරණය විය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *