BREAKING NEWS
Search

සුපිරි අංකයක් ගන්න , ලක්ෂ දහයක් ගෙවන්න ඕනේ.. වාහනයක් තිබ්බට මේ ගැන දැනන් හිටියේ නෑ නේද ?

598

 

වාහනයක් තිබුණට ඒ අංකය මෙච්චර ගණනක් වෙනවා කියලා දැනගෙන හිටියේ නෑ නේද?
වාහන ආනයනය වැඩිවීමත් සමඟ ලියාපදිංචියේදී ජනප්‍රිය අංක ලබා ගැනීම සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.

ඒ අනුව, මේවන විට ලක්ෂ දහයක මුදලක් ගෙවා ලබාගත යුතු සුපිරි අංක ඉතිරිව පවතින බවත් එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා.

වාහන ලියාපදිංචියේදී ඊට අදාළ අංක සාමාන්‍ය පරිදි අනුපිළිවෙළට නොමිලේ නිකුත් කළද , බොහෝ දෙනකු තමන් බලාපොරොත්තු වන ජයග්‍රාහී අංකය හෝ ආකර්ෂණීය අංකය මුදල් ගෙවා ලබාගනු ලබනවා.

ඒ අනුව මුදල් ගෙවා තමන්ට අවශ්‍ය අංක ලබාගත හැකි ආකාරය පහතින්….

එකේ සිට 999 දක්වා වන අංකයක් ලබාගැනීමට රුපියල් ලක්ෂයක්, 1000 සිට 1999 දක්වා තමන් කැමති අංකයක් ලබාගැනීම සඳහා රුපියල් ලක්ෂ දෙකක්, 2000 සිට 2999 අතර අංකයකට රුපියල් ලක්ෂ තුනක්, 3000 සිට 3999 අතර අංකයක් ගැනීමට රුපියල් ලක්ෂ හතරක් සහ 4000 සිට 4999 අතර කැමති අංකයක් ලබා ගැනීමට රුපියල් ලක්ෂ පහක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු අතර,

5000 සිට 9999 දක්වා කැමති අංකයක් ලබාගැනීම සඳහා රුපියල් ලක්ෂ දහයක් ගෙවිය යුතු වනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!