BREAKING NEWS
Search

නෙළු බලන්න හෝටන් තැන්නට සංචාරක පෝලිමක්.. වාහන හිරවෙයි…

2192

වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති අන්ත දීර්ඝ නිවාඩුවත් සමග හෝර්ටන් තැන්නට සියලු මාර්ග ඔස්සේ විශාල පිරිසක් පැමිණි බව හෝර්ටන් තැන්න ජාතික වන උද්‍යානයේ උද්‍යාන භාරකරු සිසිර රත්නායක මහතා පැවසීය.

නෙළුව ශාකයේ ඇතැම් වර්ග වසර 7-12ත් අතර කාලයකදී වර්ධනය වී මල් හට ගන්නා අතර, නෙළුව ශාකය විනාශ වී යන බැවින් මව් මරා උපන් මල ලෙසද බොහෝ පරිසරවේදින් නිරූපණය කරයි.

ශ්‍රී ලංකාව තුල නෙළුව විශේශ 35ක් පමණ වාර්ථාවන බවත්, ඉන් නෙළුව ශාක 30ක් පමණ මෙරටට ආවේණිව ඒවා බවත්, හෝර්ටන් තැන්න, පට්ටිපොළ, ඔහිය, කිරිගත්පොත්ත, තොටුපොළකන්ද ආදි ප්‍රදේශවල බහුලව මේ දින වල නෙළුව ශාකයේ මල් පීපි ඇති බව එහි සංචාරය කල අපට දැක ගත හැකවිණ.

මේ දිනවල හෝර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ කලාප කිහිපයකම සුදු, නිල්, දම්, රෝස ඇතුලු වර්ණ කිහිපයකින්ම නෙළුව මල් පිපී තිබුණි.

2013 වසරේ නෙළුව මල් හෝර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ මෙවැනි ආකාරයම පිපී තිබුණ බවත්, යලිත් 2037 වසරේ නෙළුව ශාකයේ මල් හට ගන්නා බවයි පරිසරවේදින් කියා සිටින්නේ.

හෝර්ටන්තැන්න උද්භිත උද්‍යානයට දේශීය සංචාරකයන් විශාල පිරිසක් පැමිණිම හේතුවෙන් පට්ටිපොළ හෝර්ටන්තැන්න මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින නිසා එය පාලනය කිරිමට අමතර පොලිස් නිළධාරින් රාජකාරි සදහා යෙදවූ බව පට්ටිපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අනිල් ජයසිංහ මහතා පැවසීය.

රංජිත් රාජපක්ෂ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!