BREAKING NEWS
Search

නෙදර්ලන්තයේ ආධාරයෙන් අපේ පොලිසියට සමරිසි – LGBTQ+ ප්‍රජාව ගැන පුහුණු වැඩසටහනක්

344

LGBTQ+ ප්‍රජාව පිළිබඳව පොලිස් නිලධාරීන් දැනුවත් කිරීම අරමුණු කරගත් නව පුහුණු වැඩසටහනක් නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ සහාය ඇතිව කටාන ජාතික පොලිස් පුහුණු ආයතනයේ දී ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකා නීතිය යටතේ LGBTQ+ පුද්ගලයින්ට ලබා දී ඇති අයිතිවාසිකම් සහ ආරක්ෂාවන් පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් අතර දැනුවත්භාවය වැඩි දියුණු කිරීම මෙම මුලපිරීමේ අරමුණයි. පොලිස් ස්ථානවල හෝ සමාජය තුළ LGBTQ+ පුද්ගලයින් මුහුණ දෙන ඕනෑම අභියෝගයකට පොලිස් නිලධාරීන් සුදුසු ලෙස මැදිහත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පුහුණු වැඩසටහනේ සමාරම්භක සැසිය ඊයේ (2025 මාර්තු 10) නෙදර්ලන්ත තානාපතිනි බොනී හෝර්බාක් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ වැඩබලන පොලිස්පති (IGP) නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ඉදිරියේ පැවැත්විණි.

LGBTQ+ ගැටළු පිළිබඳ පොලිස් අවබෝධය වැඩි දියුණු කිරීම අරමුණු කරගත් මෙම වැඩසටහන යටතේ පළමු පුහුණු කණ්ඩායම ලෙස උපදේශක නිලධාරීන් 24 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තෝරාගෙන ඇත. මෙම මුලපිරීමට ක්‍රියාකාරීව සම්බන්ධ වී සිටින සංවිධානයක් වන Equite හි උපදේශකයින් විසින් දින පහක පුහුණුව පවත්වනු ලැබේ.

මෙම අවස්ථාවට Equite සභාපති තුෂාර මනෝජ්, පුහුණු හා උසස් පුහුණුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (SDIG) සජිව මැදවත්ත, කටාන ජාතික පොලිස් පුහුණු ආයතනයේ විධායක අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න සහ කාන්තා හා ළමා කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති (DIG) රේණුකා ජයසුන්දර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

Source : NewsWire /Divaina




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!