අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) තම ජාතිය අමතා, ලෝකයේ රටවල් විසින් ඇමරිකාවට අයකරන තීරුබදු සාධාරණ බව ආරක්ෂා කර තිබේ.
ඔහු පවසන්නේ, මෙම තීරුබදු අයකිරීම ඇමරිකානු ජනතාවට ආදායම් බදු ලිහිල් කිරීමට අවස්ථාව සලසා දී ඇති අතර, එය සෘජුවම ජනතාවට වාසිදායක බවයි.
පැය 1 ක් 48 මිනිත්තු පුරා ජාතිය අමතා කතා කළ ජනාධිපතිවරයා, “යුගයකට සරිලන පෙරළියක්” සඳහා තම වගකීම් පිළිගන්නා බවත්, එක්සත් ජනපදයේ ආර්ථිකය සඳහා මෙය මූලික පියවරක් බවත් ප්‍රකාශ කර ඇත.
එකී දේශනය, එක්සත් ජනපද ජනාධිපතිවරුන් විසින් වසරකට වරක් රටේ වත්මන් තත්ත්වය පැහැදිලි කිරීම සඳහා කරන විශේෂ දේශනයක් ලෙස හැඳින්වෙයි.
ට්‍රම්ප්ට අනුව, එක්සත් ජනපද ආර්ථිකයේ විශාල පෙරළියක් ඇති වීමට තීරුබදු අයකිරීම ප්‍රධාන හේතුවක් බවයි. මෙය, පෙර පැවති දැඩි ආනයන බදු ඉවත් කිරීම පිළිබඳ එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගත් තීන්දුවත් සම්බන්ධයෙන් ඔහු විසින් විවේචනය කර ඇත.(Ape Rata)







