BREAKING NEWS
Search

වෙනිසියුලාවේ ‘වැඩබලන ජනාධිපති’ තමන් යැයි ට්‍රම්ප් කියාගනියි.. ලෝකයක අවදානය දිනාගත් ඒ කතාව මෙන්න..

260

 

 

මේ කියන්න යන්නේ අද දවසේ ඇසුණු තවත් විශේෂ ආරංචියක්..

ඇත්තටම ට්‍රම්ප් මෙහෙම හැසිරෙන්නේ ඇයි කියලා වෙලාවකට කෙනෙක්ට හිතෙන්න පුළුවන්.

තමන් වෙනිසියුලාවේ ‘වැඩබලන ජනාධිපති’ ලෙස හඳුන්වා ගනිමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ සටහනක් තබා තිබෙනවා.

විකිපීඩියා (Wikipedia) පිටුවක ස්වරූපයෙන් සකසා ඇති මෙම රූපයේ ඔහු 2026 ජනවාරි සිට ධුරය හොබවන වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපති ලෙසත්, ඇමරිකාවේ 45 වන සහ 47 වන ජනාධිපතිවරයා ලෙසයි දක්වා ඇත්තේ.

කෙසේ වෙතත්, සැබෑ විකිපීඩියා පිටුවෙහි එවැනි සඳහනක් නොමැති අතර කිසිදු ජාත්‍යන්තර ආයතනයක් මෙම ප්‍රකාශය පිළිගෙන නැහැ.

මෙම සිදුවීම වාර්තා වන්නේ වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා මත ඇමරිකානු හමුදා භාරයට ගෙන නිව්යෝර්ක් වෙත රැගෙන යාමෙන් දින කිහිපයකට පසුවයි.

මදුරෝ තමන්ව ‘පැහැරගත්’ බව පවසන අතර, චීනය, රුසියාව, කොලොම්බියාව සහ ස්පාඤ්ඤය වැනි රටවල් ඇමරිකාවේ මෙම ක්‍රියාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස හෙළා දැක තිබෙනවා.

ආරක්ෂක හේතූන් මත වෙනිසියුලාව තාවකාලිකව පාලනය කරන බවත්, එම කාලය තුළ ලෝක වෙළඳපොළට වෙනිසියුලානු තෙල් විකිණීම ඇමරිකාවේ අධීක්ෂණය යටතේ සිදු කරන බවත් ට්‍රම්ප් ප්‍රකාශ කළා.

මේ අතර, වෙනිසියුලාව තුළ ඩෙල්සි රොඩ්රිගස් අන්තර්කාලීන ජනාධිපතිනිය ලෙස කටයුතු කරන අතර ඇය ඇමරිකානු බලය ප්‍රතික්ෂේප කරමින් මදුරෝ නිදහස් කරන ලෙස ඉල්ලා සිටිනවා.

ඇය සහයෝගය නොදක්වන්නේ නම් මදුරෝට වඩා දරුණු විපාකවලට මුහුණ දීමට සිදුවන බවට ට්‍රම්ප් අනතුරු ඇඟවූවා.

මීට අමතරව, වෙනිසියුලාව දේශපාලන සිරකරුවන් පිරිසක් නිදහස් කර ඇති අතර ට්‍රම්ප් පවසන්නේ එය ඇමරිකාවේ ක්‍රියාමාර්ග නිසා සිදු වූවක් බවයි.

වෙනිසියුලාවේ තෙල් නිෂ්පාදනය වේගවත් කිරීම සඳහා ඇමරිකානු තෙල් සමාගම්වලින් ඩොලර් බිලියන 100 ක ආයෝජනයක් ඔහු අපේක්ෂා කරනවා.

එහිදී ක්‍රියාත්මක වීමට අවසර දෙන්නේ කුමන සමාගම්වලටද යන්න ඇමරිකාව විසින් තීරණය කරනු ඇති.

ඇමරිකාවේ බලශක්ති මිල අඩු කිරීමේ අරමුණින් වෙනිසියුලාවෙන් බොරතෙල් බැරල් මිලියන 50 ක් ලබා ගැනීමට ඇති කරගත් ගිවිසුමකට ද පැමිණ තිබෙනවා.

එමෙන්ම වෙනිසියුලානු තෙල් අලෙවියෙන් ලැබෙන මුදල් ආරක්ෂා කිරීම සඳහා ඔහු විධායක නියෝගයකට ද අත්සන් තබා තිබුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!