BREAKING NEWS
Search

ට්‍රම්ප්ගෙන් ඉරානයට දින 10 ක්

241

ඉරානයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනවාද දින 10 ක් ඇතුළත තීරණය කරන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

දින 10 ඇතුළත ඇමෙරිකාව සමඟ පැහැදිලි ගිවිසුමක් ඇති කර ගැනීමට ඉරානයට නොහැකි වුවහොත්, ඉරානයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට සිදුවුනු ඇතැයි ට්‍රම්ප් අවධාරණය කර ඇත.

ඇමෙරිකන් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ වොෂින්ටන් අගනුවර පැවැති සාම මණ්ඩලයේ පළමු සැසිය අමතමිනි. මේ වනවයිට ඇමෙරිකාව සහ ඉරානය අතරේ සාකච්ඡා පැවැත්වෙයි. ඒ, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙනි.

‘නිකම් සාකච්ඡාවලින් ඵලක් වන්නේ නැහැ. ඵලදායී සාකච්ඡා අපට අවශ්‍යයි. පැහැදිලි එකඟතාවක් අපට අවශ්‍යයි. ප්‍රගතියක් සිදු නොවන්නේ නම් සාකච්ඡා කිරීමෙන් ඵලක් නැහැ. හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්න සිද්ධ වෙනවා’ යැයි ට්‍රම්ප් සාම මණ්ඩලය අමතමින් පැහැදිලි කර ඇත.

Theleader




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!