BREAKING NEWS
Search

ට්‍රම්ප් ලෝක සිතියම අලුත් කරලා..

343

 

 

 

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ග්‍රීන්ලන්තය ඇමෙරිකාවට ඈදා ගැනීමේ සිතුවිල්ල අත්හැර දමා නොමැති අතර, ඔහු දිනෙන් දින එය ලොවට සිහිපත් කරයි.

ට්‍රම්ප් මේ වනවිට සිය ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය හරහා පරිගණකයෙන් සකස් කළ රූපයක් ප්‍රසිද්ධියට පත් කර ඇත.

එහි ඇමෙරිකාවේ නව සිතියම ලෙස ග්‍රීන්ලන්තය, කැනඩාව සහ වෙනිසියුලාව ඇමරිකා එක්සත් ජනපදයට ඈදා ගත් ආකාරය පෙන්වා දී තිබේ.

ට්‍රම්ප් මෙම සිතියම ප්‍රසිද්ධියට පත් කර ඇත්තේ නේටෝ සංවිධානයට අයත් ඇමෙරිකන් හිතවාදී නායකයන්ට අපහාසයක් වන ආකාරයටය.

එම ඡායාරූපයේ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්‍රොන්, ඉතාලි අගමැතිනි ජෝර්ජියා මෙලෝනි, බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් සහ යුරෝපා කොමිසමේ සභාපතිනි උර්සුලා වොන් ඩර් ලින් ඇතුළු පිරිසක් ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ අසුන්ගෙන සිටින අයුරු ද දකින්න ලැබේ. සිතියම දකින්න ලැබෙන්නේ ඔවුන්ට පිටුපසිනි.

Lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!