නොවැම්බර් 1 වනදා සිට ඇමරිකාවට ආනයනය කරනු ලබන චීන භාණ්ඩ සඳහා සියයට 155 ක තීරුබදු පැනවීමේ සිය සැලසුම් ඉදිරියට ගෙන යන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ය.
චීනය තවමත් රුසියාවේ විශාලතම තෙල් ආනයනකරු වන බැවින්, චීනයට තීරුබදු පැනවීම සලකා බලන්නේ දැයි නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමරිකානු ජනාධිපතිවරයා කියා සිටියේ, “දැනට, නොවැම්බර් 1 වනදා වන විට, චීනයට සියයට 155 ක පමණ තීරුබදු පනවනු ඇත. එය ඔවුන්ට තිරසාර යැයි මා නොසිතනවා” යනුවෙනි.
තමන් පුද්ගලිකව චීනය සමඟ මිත්‍රශීලී සබඳතා පවත්වා ගැනීමට කැමති වුවද, වසර ගණනාවක් තිස්සේ පැවති ඒකපාර්ශ්වික ආර්ථික ගනුදෙනු හේතුවෙන් ස්ථිර පියවරක් ගැනීමට ඇමරිකාවට සිදුව ඇති බව ට්‍රම්ප් මහතා පැවසීය.
“මට චීනයට හොඳින් සලකන්න අවශ්‍යයි. නමුත් ව්‍යාපාරික දෘෂ්ටි කෝණයකින් බුද්ධිමත් නොවූ ජනාධිපතිවරුන් අපට සිටි නිසා චීනය වසර ගණනාවක් තිස්සේ අප සමඟ ඉතා රළු ලෙස කටයුතු කළා… ඔවුන් චීනයට සහ අනෙකුත් සෑම රටකටම අපෙන් වාසි ලබා ගැනීමට ඉඩ දුන්නා,” ට්‍රම්ප් වැඩිදුරටත් පැවසීය.
ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ, තමන් යුරෝපා සංගමය, ජපානය සහ දකුණු කොරියාව සමඟ කලින් ඇති කර ගත් වෙළඳ ගිවිසුම් ද ගොඩනැගී ඇත්තේ තීරුබදු මත බවත්, ඒවා “ජාතික ආරක්ෂාව” සඳහා වූ උපකරණයක් ලෙස තමන් සලකන බවත්ය.
Source – Lanka C News







