BREAKING NEWS
Search

ට්‍රම්ප්පච්චිට තරහා යයි ! ඇමරිකාව නොසලකා ඉන්දීය ආරක්ෂක උපදේශක රුසියාවට…

690

ඉන්දියාව, රුසියානු ඉන්ධන මිලදී ගනිමින් එරට ධනවත් කරමින් සිටින බව පවසමින් ඉන්දියාවට එරෙහිව දැඩි තීරුබදු පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කළේ පසුගිය සතියේදීය.

කෙසේ නමුත් එම අනතුරු ඇඟවීම් නොතකා රුසියානු ඉන්ධන අඛණ්ඩව මිලදී ගැනීමට ඉන්දියාව කටයුතු කළේය.

එවන් පසුබිමක ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් රුසියාවේ නිල සංචාරයක් ආරම්භ කර තිබේ.

ඉන්දීය විදෙස් කටයුතු ඇමති එස් ජයශංකර් ද ලබන මාසයේදී රුසියාවේ සංචාරය කිරීමට නියමිතය.

Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!