BREAKING NEWS
Search

ට්‍රම්ප්පච්චි ඉන්දියාවට නැවතත් තග දායි !

1492

රුසියානු තෙල් මිලදී ගැනීම සම්බන්ධව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් ඉන්දියාවට තර්ජනය කර තිබේ.

සිය Truth Social හී සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා අද (04) සඳහන් කර ඇත්තේ ඉන්දියාව රුසියානු තෙල් විශාල වශයෙන් මිලදී ගැනීම් සිදුකිරීමෙන් පමණක් නොනැවතී විවෘත වෙළෙඳපොළේ විශාල ලාභ සඳහාද එය විකුණන බවය.

එමෙන්ම රුසියානු යුද තන්ත්‍රය මගින් යුක්‍රේනයේ කොපමණ පිරිසක් මිය යන්නේද යන්න ඔවුන්ට ප්‍රශ්නයක් නොවන බවත් මේ හේතුවෙන් ඉන්දියාව විසින් අමෙරිකා එක්සත් ජනපදයට ගෙවන තීරු බදු සැලකිය යුතු ලෙස වැඩි කිරීමට කටයුතු කරන බවත් ට්‍රම්ප් සිය සටහනේ සඳහන් කර තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම තර්ජනය එල්ල වී ඇත්තේ ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 25%ක තීරු බදු පනවන බවට ඔහු කළ නිවේදනයෙන් දින කිහිපයකට පසුවය.

කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය මේ සම්බන්ධව වාර්තා කර ඇත්තේ ඉන්දීය තෙල් සමාගම් රුසියානු ආනයන නතර කිරීමට සූදානම් නොවන බවය.

ඒ අනුව ට්‍රම්ප්ගේ තර්ජනය නොතකා ඉන්දියාව අඛණ්ඩව රුසියානු තෙල් මිලදී ගැනීමට කටයුතු කරන බවද මේ වන විට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ

source – Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *