අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊජිප්තුවේ පැවති ගාසා සමුළුවට සහභාගී වූ ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනිට නැවත නැවතත් ‘ලස්සනයි’යනුවෙන් ප්‍රසිද්ධියේ ප්‍රශංසා කර තිබෙනවා.
රටවල් ගණනාවක රාජ්‍ය නායකයන් පැමිණි මෙම සමුළුවට සහභාගී වූ එකම කාන්තාව ඇයයි.
තමා පිටුපසින් ලෝක නායකයින් පිරිසක් සිටියදී ට්‍රම්ප් මෙලෙස පැවසුවා.
සමුළුව අමතමින් සිටින අතරතුර ට්‍රම්ප්, මෙලෝනිගේ ශාරීරික පෙනුම පිළිබඳව ද අදහස් දැක්වූවා.
“අපිට කාන්තාවක් ඉන්නවා, තරුණ කාන්තාවක්, ඇය රූමත් තරුණියක්. සාමාන්‍යයෙන් මට එය කියන්නට අවසර නෑ. මොකද ඔබ අමෙරිකාවෙදි හොඳ කාන්තාවකට ‘ලස්සනයි’ (‘beautiful’) කියලා කිව්වොත්, එය ඔබේ දේශපාලන ජීවිතයේ අවසානයයි.නමුත් මම මගේ අවස්ථා ලබා ගන්නවා.”
ඉන්පසු ට්‍රම්ප් මයික්‍රෆෝනයෙන් ඉවතට පිටුපසට හැරී මෙලෝනි සිටි තැන සොයමින්, “ඇය කොහේ ද… මේ ඉන්නේ..” යැයි පැවසුවා.
ඔහු ඇයගෙන් ඇසුවේ, “ඔබට ලස්සනයි කිව්වට කමක් නැහැ නේද? මොකද ඔබ එහෙම තමයි” යැයි පැවසූ අතර මෙලෝනි ප්‍රතිචාර ලෙස ඔව් කියන්නාක් මෙන් හිස වැනුවා.
එමෙන්ම, ට්‍රම්ප් ගාසා සමුළුවට පැමිණීම ගැනමෙලෝනිව අගය කළ අතර, ඉතාලියේ දේශපාලඥයෙකු ලෙස ඇය ගෞරවය ලබා ගැනීම ගැනද ප්‍රශංසා කර සිටියා.
වයස අවුරුදු 79ක් වන අමෙරිකානු ජනාධිපතිවරයා සහ වයස අවුරුදු 48ක් වන ඉතාලි අගමැතිනිය ඇතුළු නායකයින් 20කට අධික සංඛ්‍යාවක් ඔක්තෝබර් 13 වන සඳුදා ඊජිප්තුවේදී රැස්වූයේ කලාපයේස්ථිර සාමයක් ඇති කිරීමටඋපකාර කිරීමේ අරමුණ ඇතිවයි.
මෙම නායකයින් කණ්ඩායම ඊශ්‍රායලයේ ගාසා තීරයේ යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටසහ සටන් විරාමයකට අදාළ සාම ගිවිසුමකට අත්සන් තැබීමට ෂාම් එල් ෂෙයික්හිදී රැස්වූවා.
ඊජිප්තුව, තුර්කිය සහ කටාර් යන රටවල නායකයන් සමඟ එක්ව”ස්ථිර සාමය සහ සමෘද්ධිය සඳහා වන ට්‍රම්ප් ප්‍රකාශනය” නමැති ලේඛනයට ඒහිදී නායකයන් අත්සන් තැබුවා.
පැලස්තීනය, ප්‍රංශය, ජර්මනිය, මහා බ්‍රිතාන්‍යය, ජෝර්දානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකයෝ ද මීට සහභාගී වූණා.
ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් සටන් විරාම ගිවිසුමක කොටසක් ලෙස හමාස් විසින් ජීවතුන් අතර සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 20 දෙනෙකු නිදහස් කිරීම සහ ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය පලස්තීන සිරකරුවන් 250 දෙනෙකු සහ රඳවාගෙන සිටි 1,700 කට අධික පිරිසක් නිදහස් කිරීම යන කාරණා සිදුවූයේ ද මෙම සමුළුව පැවති දිනයේදීමයි.