BREAKING NEWS
Search

ට්‍රම්ප් දකුණු කොරියාවට එරෙහි වෙයි – ආනයන සඳහා සියයට 25ක තීරු බද්දක්

234

දකුණු කොරියානු ආනයන සඳහා තීරුබදු 25% දක්වා ඉහළ නංවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ.

දකුණු කොරියාව පසුගිය වසරේ වොෂින්ටනය සමඟ ඇති කරගත් වෙළඳ ගිවිසුමට අනුව කටයුතු නොකිරීම හේතුවෙන් සෝල් ව්‍යවස්ථාදායකයට චෝදනා කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙසේ බදු ඉහළ දමා ඇති බව වාර්තා වේ.

මෝටර් රථ, දැව සහ ඖෂධ ඇතුළු භාණ්ඩ රැසක් සඳහා මෙලෙස 15% සිට 25% දක්වා බදු ඉහළ දමා ඇති බව ජනාධිපතිවරයා සිය සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර ඇත.

කෙසේවෙතත් මෙම බදු ඉහළ නැංවීම පිළිබඳව තමන්ට නිල දැනුම්දීමක් සිදු කර නොමැති බව පැවසූ දකුණු කොරියාව, ඒ සම්බන්ධයෙන් වොෂින්ටනය සමඟ කඩිනම් සාකච්ඡා පැවැත්වීම අපේක්ෂා කරන බවද දක්වා තිබේ.

එමෙන්ම මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දකුණු කොරියානු කර්මාන්ත අමාත්‍යවරයා, අමෙරිකානු වාණිජ ලේකම්වරයා හමුවීමට නියමිත බවට ද තොරතුරු වාර්තා වේ.

පසුගිය ඔක්තෝබර් මාසයේදී දෙරට අතර ඇති කරගත් ගිවිසුමකට අනුව දකුණු කොරියාව අමෙරිකාවේ ඩොලර් බිලියන 350ක ආයෝජනයක් කිරීමට එකඟ වී තිබුණි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ට්‍රම්ප්ගේ මෙම තීරණයත් සමඟ දකුණු කොරියානු කොටස් වෙළඳපොළේ ප්‍රධාන අපනයන සමාගම්වල කොටස් මිල පහත වැටී ඇති බවය.

Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!