BREAKING NEWS
Search

ලෝක නායකයින් ඉදිරියේ ට්‍රම්ප්ගෙන් රුසියාවට නැවතත් අනතුරු ඇඟවීමක්

560

 

 

යුක්‍රේනයේ යුද්ධය අවසන් කිරීමට රුසියාව කටයුතු නොකරන්නේ නම් දැඩි ආර්ථික පියවර ගැනීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවට අනතුරු අඟවා තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතිමින් ඒ බව සඳහන් කර ඇත.

මීට අමරතව අමෙරිකානු ජනාධිපතිවරයා සිදුකළ කතාවේදී පලස්තීන රාජ්‍යයක් පිළිගැනීම සඳහා වූ ගෝලීය පියවර ප්‍රතික්ෂේප කළේය.

මේ අතර ලෝක නායකයින් දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට දරන උත්සාහයන් අත්හැරිය යුතු බව පැවසූ අතර එය ඔහු හැඳින්වූයේ “ලොව විශාලතම වංචාව” ලෙසිනිය.

නොබෙල් සාම ත්‍යාගය දිනා ගැනීමේ උත්සාහයේදී සාමය ඇති කරන්නෙකු ලෙස පෙනී සිටින ට්‍රම්ප්, ලොව පුරා ගැටුම් අවසන් කිරීමට තමා දරන උත්සාහයන්ට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහාය නොදක්වන බවට පැමිණිලි කළේය.

එක්සත් ජාතීන්ගේ යටිතල පහසුකම් පිළිබඳ පුද්ගලික දුක්ගැනවිලි සමඟ ඔහු තම පැමිණිල්ල ඒකාබද්ධ කරමින්, තමා සහ ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ විදුලි සෝපානයක කෙටි කාලයක් අතරමං වූ බවත්, ඔහුගේ ටෙලිප්‍රොම්ප්ටරය මුලින් ක්‍රියා නොකළ බවත් පැවසීය.

ඒ අතරම, ඔහු ලෝකයේ වඩාත්ම විසඳිය නොහැකි ගැටුම් කිහිපයක් විසඳීමට උත්සාහ කර ඇත, නමුත් මේ දක්වා සීමිත සාර්ථකත්වයක් පමණක් ලබා ඇත.

Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *