BREAKING NEWS
Search

රුසියාව එක්ක ඇයිහොදයිය නිසා ට්‍රම්ප්ගෙන් ඉන්දියාවට පාඩමක්..! තීරු බද්ද තවත් 25%කින් වැඩි කරයි..!

613

 

 

අමෙරිකානු එක්සත් ජනපදය විසින් ඉන්දියාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකළ අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතයට අතිරේකව තවත් 25%ක් අයකිරීමට අද (6) තීරණය කර ඇත.

ඉන්දියාව විසින් රුසියානු බොරතෙල් අඛණ්ඩව ආනයනය කිරීමට ගත් තීරණයට ‘දඬුවමක්’ ලෙස මෙලෙස අතිරේක තීරු බදු අනුපාතයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව තීරු බදු අනුපාතය අනුව ඉන්දියාවෙන් 25%ක බදු ප්‍රතිශතයක් අයකිරීමට මීට පෙර තීරණය කර තිබුණි.

ඒ අනුව අමෙරිකාව විසින් ඉන්දියාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකළ අන්‍යෝන්‍ය තීරු බදු ප්‍රතිශතය 50%ක් දක්වා ඉහළ ගියේය.

Source – Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!