BREAKING NEWS
Search

වසරකදී දරුවෝ විසිදාහක් පාසලට සමුදෙති

760

(සුජිත් හේවාජුලිගේ)

ආර්ථික ප්‍රශ්න ඇතුළු විවිධ සමාජමය කාරණා හේතුවෙන් සෑම වර්ෂයකම දරුවන් විසිදාහක් පමණ පාසල හැර යන බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න මහතා ලංකාදීපයට පැවසීය.

මීට පෙර වසර වල එම සංඛ්‍යාව තිබී ඇත්තේ 16000ක මට්ටමේය.

සිසුන් වැඩිපුරම පාසල් හැර යන්නේ 8,9 ශ්‍රේණිවලදී සහ අපොස සාමාන්‍ය පෙළින් පසුව බව පෙනී ගොස් ඇතැයි පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් විධිමත් ආකාරයෙන් තොරතුරු රැස්කිරීමට ළඟදීම සංගණනයක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

දරුවන් පාසල් හැර යෑමට හේතු සොයා බලා එය වළක්වා ගැනීම මෙම සමීක්ෂණයේ අරමුණ බවද මධුර සෙනවිරත්න මහතා කීවේය.

දරුවන් මෙලෙස විශාල වශයෙන් පාසල හැර යෑම බරපතළ සමාජමය ඛේදවාචකයක් බව අධ්‍යාපනඥයෝ පෙන්වා දෙති.

Source – Lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!