BREAKING NEWS
Search

වෙඩික්කරුවන් පැන යද්දී රාජකාරිය නොකළ පොලිසියේ දෙකක් ගෙදර

43

 

 

 

ජින්තුපිටිය සැලුනයක් තුළදී වෙඩි තබා එක් අයකු ඝාතනය කර තවත් පුද්ගලයන් තිදෙනකුට තුවාල සිදු කළ වෙඩික්කරුවන් පළා යද්දී ජීප් රථයේ දොරට මුවා වී සැඟවුණු බව කියන ආදුරුප්පුවීදිය පොලිසියේ සැරයන්වරයාගේ සහ කොස්තාපල්වරයාගේ වැඩ තහනමට ලක් කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

වැඩ තහනමට ලක් කළ කොස්තාපල්වරයා සහ සැරයන්වරයා රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදා හැර තිබිණි.

මෙම වෙඩි තැබීම සිදු කළ වෙඩික්කරුවන් යතුරුපැදියෙන් ඔවුන් අසලින් පලායාද්දී සැරයන් වරයා ගිනි අවිය අත දරාගෙන කඩිමුඩියේ ජීප් රථයෙන් බැස එහි දොරට මුවා වී සැඟවෙන අයුරුත්, ටී 56ක් අත දරාගත් කොස්තාපල්වරයා එය ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරන ආකාරය හැඟවෙන අයුරු සීසීටිවි කැමරාවක සටහන්ව ඇතත් කොස්තාපල්වරයා ප්‍රකාශ කරන්නේ ව්‍යාජ තොරතුරු බවට ඒ සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉකුත් 14 වැනි දින රාත්‍රී මෙම වෙඩි තැබීම සිදු කළ අතර එ දින රාත්‍රී ආදුරුප්පුවීදිය පොලිසියේ රාත්‍රී ජංගම සංචාරයේ මෙම නිලධාරීන් දෙදෙනා ග්‍රාමාරක්ෂකවරයකු සමග රාජකාරී යෙදී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.

එම අවස්ථාවේදී තමන් ඉදිරියෙන් එම වෙඩි තැබීමට සම්බන්ධ වෙඩික්කරුවන් දෙදෙනා ගිනි අවියත් රැගෙන ස්කුටර් වර්ගයේ යතුරු පැදියෙන් පලා යාමේදී ඔවුන් වලක්වා ගැනීමට හෝ අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකළේ එම වෙඩික්කරුවන් සමග ඇති සම්බන්ධයක් නිසා දැයි අනාවරණය කරගැනීම සඳහා වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් කීය.

Lankadeepa (බිමල් ශ්‍යාමන් ජයසිංහ)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!