BREAKING NEWS
Search

මිය ගියා කී වාසු මාධ්‍ය අමතයි…!

533

හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, වාසුදේව නානායක්කාර මහතා, තමා අභාවයට පත්වූ බවට පැතිර ගිය පුවතක් සම්බන්ධයෙන් අදහස් දක්වයි.

තමන් මියගිය බවට සඳහන් පුවතක් ගැන දුරකථන ඇමතුම් මගින් තොරතුරු ලැබුණු බව නානායක්කාර මහතා පවසයි.

මෙම ආරංචියට තමාගේ ක්ෂණික ප්‍රතිචාරය වූයේ එක්තරා විදියක හාස්‍යයක් රස විඳීම බව නානායක්කාර මහතා සඳහන් කරයි.

මෙවැනි ආරංචි පැතිරීම සමහරුන්ට අනුව තමන්ගේ ආයුෂ දීර්ඝ වීමට හේතු වන බවද ඔහු පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, මෙම පුවත පළ කළේ කවුරුන්දැයි සොයා බැලීමට තමන් උනන්දු නොවූ බවද ඔහු වැඩිදුරටත් කියා සිටී.

කෙසේ වෙතත් මියෙන තෙක් දේශපාලනය කරන නමුත් මන්ත්‍රී ධුරයකට තරග කිරීමට තරම් ශක්තියක් තමාට නොමැති බව ඔහු පිළිගනී. එම නිසා, ඔහු නැවත මැතිවරණයකට ඉදිරිපත් වීමක් සිදු නොකරන බවත්, පසුගිය මැතිවරණයටද තමා ඉදිරිපත් නොවූ බවත් ඔහු පැහැදිලි කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!