BREAKING NEWS
Search

චණ්ඩිකම් ඉවරයි.. යාපනය මන්ත්‍රී අර්චුනා ප‍්‍රසිද්ධියේ සමාව අයදී..!

179

10 වැනි පාර්ලිමේන්තුව ආරම්භක දිනයේදී විපක්ෂ නායක අසුනේ අසුන් ගත් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් එ් පිළිබදව සමාව ඉල්ලයි.

ඒ නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැති දැනුවත් කිරීමේ වැඩමුළුවේදීය.

“මම ඇහුවා මම කොතනද වාඩි වෙන්න ඕන කියලා. එතකොට කිව්වා අනිත් පැත්තට ගිහින් වාඩි වෙන්න කිසි අවුලක් නෑ ඩොක්ටර් ඕන තැනක වාඩි වෙන්න පුළුවන් කියලා. එතකොට අපි ඉස්සරහට ගිහින් වාඩි වුණා. අපි කැම්පස් ගිහින් පුරුදුයි.. අපි අත උස්සලා පාර්ලිමේන්තුවට ආවේ නෑ. මම හිතුවා මට ඕන තැනක ගිහින් වාඩි වෙන්න පුළුවන් කියලා.

එතකොට මට හතරදෙනෙක් ඇවිල්ලා කතා කළා. මට ඇවිල්ලා කිව්වේ මේක විපක්ෂනායකවරයා හැමදාම වාඩිවෙන පුටුව කියලා. එතකොට මම හිතුවා අනිත් පුටුවක වාඩි වෙන්න පුළුවන් කියලා. මට කිසි හේතුවක් නෑ 8 වැනි පුටුවේ ගිහින් වාඩි වෙන්න.

මට මාර දුකයි මම කොටියා කියලා හැම මීඩියාවලටම දාලා තියෙනවා කොටියෙක් ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා විපක්ෂ නායකගේ පුටුවේ කියලා. මෙහෙම අපි හිතාමතාම ගිහින් වාඩිවෙලා නෑ… මට ගෘෘප් එකක් නෑ මම ස්වාධීනව ආවා එතකොට මම දන්නේ නෑ කොතනද වාඩිවෙන්නේ, කොහොමද යන්නේ කියලා…

මම ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන්න කැමතියි ඒ විදිහට මම වැරදි දෙයක් කළා කියලා. මට සමාවෙන්න. හිතා මතා ඒ පුටුවේ වාඩිවෙන්න මම බලාපොරොත්තු වුණේ නෑ”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!