BREAKING NEWS
Search

පුරප්පාඩු වී තිබූ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරය පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමිට

2566

පුරප්පාඩු වී තිබූ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරය සඳහා අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ තේරීපත්ව තිබේ.

මෙම ධුරය සඳහා වූ නිලවරණය අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඥාණරතන නාහිමිගේ ප්‍රධානත්වයෙන් අද (28) ප.ව. 2ට මහනුවර අස්ගිරි මහා විහාරයේ ඓතිහාසික උපෝසිතාගාරයේ දී පැවැත්විණි.

මේ සඳහා අස්ගිරි කාරක මහා සංඝ සභාවේ හිමිවරුන් 19 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටියහ.

අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ඓතිහාසික මහියංගනය රජමහා විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමි හා අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී ධර්මාචාර්ය පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමිවරු මෙම ධුරය සඳහා අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්වීමට දැහැත් ලබාදී තිබුණි.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරයේ කටයුතු කළ පූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියෝ අපවත්වීම හේතුවෙන් එම ධුරය පුරප්පාඩු වී තිබුණි

Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!