BREAKING NEWS
Search

වෙනිසියුලා ආක‍්‍රමණයෙන් රස වැටේ.. ට‍්‍රම්ප් ඉන්දියාව දෙසට හැරේ… ඉන්දියාව දැනටම දණ නමමින්..!

7114

 

ඉන්දියාව විසින් රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීම සීමා කිරීමට ඇමරිකා එක්සත් ජනපදය ඉදිරිපත් කළ ඉල්ලීම් ඉටු නොකළහොත්, ඉන්දියානු භාණ්ඩ මත පනවා ඇති ආනයන බදු තවදුරටත් ඉහළ නංවන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.
දැනටමත් දෙරට අතර පැවැත්වෙන වෙළඳ සාකච්ඡා එකඟතාවයකින් තොරව පවතින පසුබිමක, ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය ඉන්දියාව මත දැඩි පීඩනයක් එල්ල කර ඇත.

එයාර් ෆෝස් වන් නිල ගුවන් යානයේ සිට මාධ්‍යවේදීන් ඇමතූ ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ, “අගමැති මෝදි හොඳ පුද්ගලයෙක්. නමුත් මා අසතුටින් සිටින බව ඔහු දැන සිටියා. මාව සතුටු කිරීම ඔහුට වැදගත් වනු ඇති,” යනුවෙනි.

ඉන්දියාව සමඟ පවතින වෙළඳ සබඳතා පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අවශ්‍ය වුවහොත් ඉතා ඉක්මනින් ඉන්දියානු භාණ්ඩ මත බදු ඉහළ නැංවිය හැකි බවයි.

රුසියාවෙන් විශාල වශයෙන් බොරතෙල් මිලදී ගැනීම හේතුවෙන් පසුගිය වසරේදී ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉන්දියානු භාණ්ඩ මත පනවා තිබූ ආනයන බදු 50% දක්වා දෙගුණයකින් ඉහළ නංවන ලදී. වෙළඳ විශේෂඥයන්ට අනුව, දැනට පවතින මෙම 50% බදු ප්‍රතිශතයෙන් 25% ක්ම සෘජුවම රුසියානු බොරතෙල් මිලදී ගැනීමට එරෙහිව පනවා ඇත.

මෙම තත්ත්වය හමුවේ රිපබ්ලිකන් සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම් පවසා සිටියේ, රුසියානු තෙල් මිලදී ගන්නා ඉන්දියාව වැනි රටවල් සඳහා 500% දක්වා වූ දැවැන්ත බදු පැනවිය හැකි නීතිමය ක්‍රියාමාර්ග සඳහා තමන් සහාය දක්වන බවයි.

ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයත් සමඟ ඉන්දියානු කොටස් වෙළඳපොළේ තොරතුරු තාක්ෂණ දර්ශකය (NIFTYIT) සඳුදා දිනයේදී 2.5% කින් පහත වැටුණි. දෙරට අතර පවතින වෙළඳ සබඳතා පළුදු වීම වෙළඳ ගිවිසුම් ප්‍රමාද වීමට හේතු වනු ඇතැයි ආයෝජකයෝ බිය පළ කරති.

ඇමරිකානු පීඩනය හමුවේ ඉන්දියාව සිය රුසියානු තෙල් මිලදී ගැනීම් ක්‍රමයෙන් අඩු කර ඇති බව වාර්තා වේ. ඉන්දියාවේ රිලායන්ස් ඉන්ඩස්ට්‍රීස් ආයතනය ප්‍රකාශ කර ඇත්තේ ජනවාරි මාසය සඳහා රුසියානු බොරතෙල් ඇණවුම් කර නොමැති බවත්, පසුගිය සති තුන තුළ එවැනි තොග ලැබී නොමැති බවත්ය.

කෙසේ වෙතත්, ඉන්දියානු වාණිජ අමාත්‍යාංශය මෙම නවතම තත්ත්වය පිළිබඳව මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!