කණ්ඩලම වැව් රක්ෂිතයේ තුවාල ලබා සිටි වන අලියාගේ සෞඛ්‍ය තත්ත්වය අසාධ්‍ය වෙමින් පවතින බව පශු වෛද්‍යවරුන් පවසනවා.
බඳින තුවක්කුවකට හසුවීමෙන් මෙම වන අලියාගේ ඉදිරි දකුණු පාදයට තුවාල සිදුවී ආබාධ සහිත තත්ත්වයට පත් වූයේ මීට මාස හයකට පමණ පෙර වන අතර, කණ්ඩලම වැව රක්ෂිතයේ සිටින මෙම වන අලියාට ප්‍රතිකාර ලබා දීමට පශු වෛද්‍යවරුන් අඛණ්ඩව කටයුතු කර තිබුණා.
නමුත් අවස්ථා ගණනාවකදී වන අලියා සුවය ලබා සිටියත්, පසුගිය දින 3ක පටන් වන අලියා අසාධ්‍ය තත්ත්වයෙන් ජලය මත වැතිරී සිටින බවයි පශු වෛද්‍යවරුන් සඳහන් කරන්නේ.
ගිරිතලේ පශු වෛද්‍ය ඒකකය සහ සීගිරිය සහ ඇලහැර වනජීවී නිලධාරීන් වැව මත වැටී සිටින වන අලියා නැඟිට්ටවීමට උත්සාහ දැරුවද, එය ව්‍යර්ථ වී ඇති අතර, වන අලියාගේ වම් පාදයේ යටිපතුල් ප්‍රදේශයේ තුවාල ඇතිවීම හේතුවෙන් වන අලියාට සිටගෙන සිටීම අපහසු බවයි වනජීවී නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.
Source – එසැණ







