Rising Stars ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කන්ඩායමේ ගමන් ඒ විදිහට අවසන් පූර්ව වටයෙන් අවාසනාවන්ත ලෙස අහවර වෙනවා.
මේ තරගය පුරාම දඟ පන්දු යවන්නන් ඉතාම ඉහල දක්ෂතා පෙන්නුවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් ට්‍රැවීන් මැතීව් ලකුණු 22කට කඩුලු 3කුත්, දුනිත් වෙල්ලාලගේ ලකුණු 19කට එක් කඩුල්ලකුත් පකිස්තානය වෙනුවෙන් Saad Masoon ලකුණු 18කට කඩුලු 3කුත් Sufiyan Muqeem ලකුණු 12කට කඩුලු 3කුත් දවාගෙන සමස්ත තරගයේ කඩුලු 10ක් දඟ පන්දු යවන්නන් අතරේ බෙදා ගත්තා.
නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ අදූරදර්ශී ක්‍රියා කලාපය නිසා අපිට මේ වැදගත් තරගයත් ක්‍රීඩා කරන්නට වුනේ මේ තරගාවලියේ අපේ සිටි ප්‍රධාන පා දඟ පන්දු යවන්නා නොමැතිව,
ඔහු වෙනුවට පැමිණි ප්‍රමෝද් මදුශාන් ඉතාම හොඳින් ක්‍රීඩා කරත් සැමවිටම වියස්කාන්ත් නැති අඩුව මේ තණතීරුව දිහා බැලුවහම තිබුනා. ඒ තරම් දඟ පන්දු යවන්නන්ට කඩුලු ගන්න හොද තණතීරුවක වෙල්ලාලගේ ප්‍රමුඛ ශ්‍රී ලංකා කන්ඩායමට වියස්කාන්ත්ගේ සේවය බලධාරීන් විසින් අහිමි කලා…
ඒ ආදරණීය තීරණයෙන් වියස්කාන්ත්ට සුගතියක් වුනා නම් කමක් නැ… ආබාධයි කියූ වනිඳු හසරංග වෙනුවට Rising Stars Asia Cup තරගාවලියේ බංග්ලාදේශය සමග වැදගත් තරගයක් තිබියදී පකිස්තානයට ගිය ශ්‍රී ලංකා ජාතික සංචිතයේ වනිඳු හසරංග වෙනුවට දුශාන් හේමන්ත රිප්ලේස්මන්ට් එකක් ලෙස සිටියදී වියස්කාන්ත්වත් ශ්‍රී ලංකා ජාතික සංචිතයට කැඳවනවා.

අන්තිමට වනිඳුගේ ආබාධය සුව වෙනවා. ඔහු තරග ක්‍රීඩා කරද්දී නැගී එන ආසියානු කුසලාන තරගාවලියේ මුල් තරග වල ඉහල දක්ෂතා ප්‍රදර්ශනය කරමින් සිටි වියස්කාන්ත් පකිස්තානයට ගිහින් නිකරුණේ බංකු රත් කරනවා.
අවසානයේ ඔහුට ඉහල දක්ෂතා පෙන්වන්නට තිබුන ආසියානු කුසලානයත් අහිමි කරනවා. ඒ වෙලාවේ මීට වඩා හොද විදිහට වියස්කාන්ත්ව කළමනාකරණය කරගැනීමේ හැකියාව බලධාරීන්ට තිබුනා. මේ තීරණයත් අපිට මේ තරගාවලියේ ලොකුවටම බලපෑවා… නමුත් කවදත් වැඩිපුර දුර්වල තීරණ වලින් යැපෙන ශ්‍රී ලංකා ක්‍රිකට් යලිත් එවැනිම දුර්වල තීරණයක් ගත්තා.
ඒ වගේම තරගයේදී වුනු විනිසුරු තීරණ මේ පරාජයට ඍජුවම බලපෑවා. නුවනිඳුගේ දැවීයාම වගේම තීරණාත්මක මොහොතේ දුන් මිලාන් රත්නායකගේ දැවීයාම සම්පූර්ණ තරගය අපෙන් උදුරාගත්තා. මිලාන් රත්නායක Bowling Allrounder කෙනෙක් විදිහට ඇවිත් දැන් Genuine Allrounder කෙනෙක් විදිහට තමන්ගේ ටැග් එක පරිවර්තනය කරමින් ඉන්නවා.
ඕනෑම කන්ඩිශන් එකක පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද සාර්ථක විය හැකි වටිනා තුන් ඉරියව් ක්‍රීඩකයෙක් බවට ඉගි ඔහු දැනටමත් පහල කර තිබෙනවා. ඉතිං අපි වගේ රටකට මෙවන් ක්‍රීඩකයින් සම්පතක්… මේ ක්‍රීඩකයින් නිවැරදිව කළමනාකරණය කිරීම අදාල බලධාරීන්ගේ වගකීමක්..
අපේ දූර්වල පරිපාලනයත් එක්ක මේ ක්‍රීඩකයින්ගේ ඉදිරිය කෙසේ ලියවේවිද කීම ප්‍රශ්නාර්ථයක්… නමුත්… නිවැරදි කළමනාකරණයක් තුල මේ ක්‍රීඩකයාව රැකබලා ගත්තොත් මේ ඉන්නේ හොද ගමනක් ගියහැකි තුන් ඉරියව් තරුවක්…
ඉතිං… සෑහෙන උනන්දුවකින් කන්ඩායමේ හැමෝම එකාමෙන් එකතු වී ජයග්‍රහණය සදහා ක්‍රීඩා කරපු නායක දුනිත් වෙල්ලාලගේ ප්‍රමුඛ ශ්‍රී ලංකා කන්ඩායමට බලධාරීන්ගේ අදූරදර්ශි ක්‍රියා සහ විනිසුරුවන්ගේ දුර්වල විනිසුරු තීරණත් එක්ක අවාසනාවන්ත ලෙස අවසන් පූර්ව තරගයෙන් නික්ම යන්නට වෙනවා..! 💔🥺
✍️ | Rishie Bro







