මේ කියන්න යන්නේ , (23) පැවැත්වුණු ප්‍රධාන ක්‍රිකට් තරගයක් අතරතුර සිදුවූ අමුතු සිදුවීමක් ගැනයි..
තරගය අතරතුර වනිඳු යම්කිසි විලාසිතාවකට ඇඟිලි පෙන්වමින් , හස්ථ සංඥාවක් සිදු කර තිබුණා.
ඉන් අනතුරුව , ක්‍රිකට් විස්තර විචාරයක් අතරතුර මේ ගැන පාකිස්තානු ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම වේග පන්දු යවන්නෙකු වූ වකාර් යූනිස් (Waqar Younis) පවසා ඇත්තේ, තමාට එය කළ නොහැක්කේ තමාගේ අතෙහි ඇඟිලි දහයක් නැති නිසා බවයි.
මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රිකට් ලෝලීන් අතර මෙම ප්‍රකාශය බොහෝ සෙයින් සංසරණය වෙමින් පවතිනවා.
2003 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගත් වකාර් යූනිස්, පුහුණුකරුවෙකු ලෙස ක්‍රිකට් ක්‍රීඩාවට දිගටම සම්බන්ධ වී සිටිනවා.
ඔහු පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස දෙවරක් (2010-2011 සහ 2014-2016) සේවය කළ අතර එසේම, ඔහු විස්තර විචාරකයෙකු ලෙස ද පුළුල් පිළිගැනීමක් ලබා සිටිනවා.
Hiru Gossip







