BREAKING NEWS
Search

නඩුවට පෙනි නොසිටි මාලිමා පා.ම ජගත් මණුවර්ණට වරෙන්තු…

666

 

 

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වරෙන්තු නිකුත් කර තිබේ.

අද (29) දිනයේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ කැදවූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බව අදදෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය.

එහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජගත් මණුවර්ණ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් සඳහන් කළේ ඉඩම් බෙදා දීමේ ජාතික උත්සවයකට තම සේවාදායකයා සහභාගි වී ඇති බැවින් අද දින අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවය.

කෙසේවෙතත් කරුණු සළකා බැලූ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා සැකකරුට වරෙන්තු නිකුත් කර ඇත.

ada derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!