2015 වර්ෂයේදී සීමාසහිත ලංකා පොහොර සමාගමේ කළමනාකරුවකු ලෙස සේවය කරමින් සිටියදී එම සමාගමේ හුනුපිටිය ගබඩා සංකීර්ණයේ පාරක් කාපට් කිරීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පහකින් දෙකකට වරදකරුවී සේවයෙන් ඉවත් වූ බව බලශක්ති ඇමති කුමාර ජයකොඩි මහතා පිලිගත්තේය.
දෙරණ නාලිකාවේ 360 වැඩසටහනේදී ඔහු පැවසුවේ තමන් පොහොර සමාගමට කළමණාකරුවකු ලෙස පත්වන්නේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම ඇමති ධුරය දරද්දී කරන ලද ඉල්ලීමකට අනුව බවයි.
හුනුපිටිය ගබඩා සංකීර්ණය පාර කාපට් කිරීමට සිය අත්සන ලෙස ලිපිගොනුවට කොක්කක් (කෙටි අත්සනක්) යෙදූ බව ඔහු එහිදී සදහන් කලේය.
තමන් රාජකාරි කල අයුරු සේවකයන් පවා දන්නා බව ඇමතිවරයා සඳහන් කලේය.
උපුටා ගැනීම: Lanka C News







