BREAKING NEWS
Search

විශාල සත්ව ගොවිපලක අපද‍්‍රව්‍ය කැලණි ගගට..

525

නෝටන්බීච් පොලිස් වසමට අයත් අඹගමුව ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වන නෝටන්බීච් ටැප්ලෝ ගම්මානයෙන් ගලා බසින කැලණි ගඟට ප්‍රධාන වශයෙන් ජලය සපයන ඇල මාර්ගයකට ලොනැක්‌ වටවල ඩෙයිරි ෆාම් සත්ව ගොවිපළෙන් ඉවතලන සත්ව අපද්‍රව්‍ය බැහැර කිරීම හේතුවෙන් එම ජල මාර්ගයේ ජලය අපවිත්‍ර වීමට විරුද්ධව එම ගම්මානයේ ජනතාව සිය විරෝධතාවය දැක්වූහ,

විරෝධතා කරුවන් වන ටැප්ලෝ ගම්මානයේ ජනතාව පවසා සිටින්නේ අවුරුදු පහකට අධික කාලයක් මෙම ප්‍රශ්නයට එම ජනතාව මුහුණ දෙන බවයි.

ඔවුන් වැඩිදුර අදහස් දක්වමින් මෙසේද කීය ,

මෙම ගැටළුව හේතුවෙන් ගම්මානයේ ජනතාව භාවිතා කරන පානීය සහ එදිනෙදා වැඩ කටයුතු වලට යොදාගන්නා ජලය දැඩි ලෙස අපරවිත්‍ර වී ඇත ,

පවුල් 500 කට අධික පිරිසක් මෙම ජලය භාවිතා කරන අතර එම ජනතාවට විවිධ සෞඛ්‍ය ගැටලු ඇති වී ඇති අතර ඉදිරියට මෙම තත්ත්වය තවත් බරපතළ විය හැකි බවයි ,

මේ පිළිබඳ අප නෝට්න්බ්‍රිජ් පොලිස් ස්ථානාධිපති කපිල විජයරත්න මහතාගෙන් විමසූ අතර ඔහු පවසා සිටියේ මෙම සත්ව ගොවිපොළේ දීර්ග කාලයක් මෙම ගැටලුව හේතුවෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබෙන අතර අද දින සිදුවූ සිදුවීමත් සමග අධිකරණයට වැඩිදුර කරුණු වාර්තා කරන බවයි ,

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මෙය විශාල සත්ව ගොවිපොළක් බවත් විශාල සත්ව අපද්‍රව්‍ය ප්‍රමාණයක් මෙයින් බැහැර වෙන හේතුවෙන් ස්වභාවිකම එය එය ජල පාරට එකතුවීම මෙම ප්‍රශ්නයට හේතුව බවයි.

අප මේ පිළිබඳව වැඩිදුරටත් අඹගමුව ප්‍රාදේශීය සභා සභාපති කපිල නාකන්දල මහතාගේ විමසීමක් සිදුකළ අවස්ථාවේදී ඔහු පවසා සිටියේ දීර්ඝ කාලයක් මෙම ගැටලුව පවතින බවත් අඹගමුව ප්‍රාදේශීය සභාවෙන් මෙම සත්ව ගෝවිපළට මෙම අවුරුද්ද සඳහා වෙළඳ බලපත්‍රය නොදුන් බවත්ය,

මීට පෙරද මෙම සත්ව ගොවිපොළේ මෙම ගැටළුව පිළිබද දන්වා අවවාද කර බවත් ලබන සතියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හා ප්‍රාදේශීය සභාවේ නිලධාරී මණ්ඩලය සමඟ මේ ගැටළුව පිළිබඳව සොයා බැලීම සදහා වටවල ඩෙයිරි ෆාම් සත්ව ගොවිපොළ නිරීක්ෂණ කණ්ඩායමක් යෙදවීමට ඒක බවයි ,

මෙම අපද්‍රව්‍ය කැලණි ගඟට එක්වීමත් සමඟ කැලණි ගඟේ ජලය අපවිත්‍ර වීම හේතුවෙන් ලොව සුපතල කිතුල්ගල රාෆ්ටිං කක ක්‍රීඩාව සිදු කරන කැලණි ගඟ ආශ්‍රිත ජලය අපවිත්‍ර වීමෙන් එම ක්‍රීඩාවටද බලපෑම් එල්ල වන බව එම ප්‍රදේශයේ ජනතාව වැඩිදුරටත් පවසා සිටියා

වැඩි දුරටත් එම ගම්මානයේ ජනතාව කියා සිටින්නේ නිසි බලධාරීන් විසින් මෙම ගැටලුවට විසඳුම් ලබා දීමට කඩිනමින් පියවර ගන්නා ලෙසයි .

– ආර්.එෆ්.එම්.සුහෙල්

Source – Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!