තරග පරාජය වීම සම්බන්ධයෙන් ක්‍රීඩකයින් ලෙස තමන් වගකීම භාරගත යුතු බව ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක චරිත් අසලංක පවසනවා.
ක්‍රීඩකයින් පරාජය වීමට තරග ක්‍රීඩා නොකරන බවත්, බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා හොඳින් ක්‍රීඩා කළ බවත්, තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් චරිත් අසලංක සඳහන් කළා.
කණ්ඩායම ජයග්‍රාහී මාවතට ගෙන ඒම සඳහා නායකයා ලෙස තමා සහ පුහුණුකරු, ක්‍රීඩකයින් සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ මානසිකත්වය බලා තවදුරටත් වගකීම් සහගතව ක්‍රීඩා කළ යුතු බවට උනන්දු කරන බවද ඔහු ප්‍රකාශ කළා.
තමන්ගේ අවස්ථාව ලැබුණු පසු වගකීමක් සහිතව ක්‍රීඩා කළ යුතු බවත්, පරාජයට පත් වූ තරග දෙකේදී තමාද ඒ සම්බන්ධයෙන් වගකීම භාරගත යුතු බවත්, තරග පරාජය වීමට එය හේතුවක් විය හැකි බවත් ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක චරිත් අසලංක වැඩිදුරටත් ප්‍රකාශ කළා







