BREAKING NEWS
Search

ආප­දා­වෙන් විනාශ වූ ගම්-නගර ගොඩ­නැ­ඟෙද්දී බිඳුණු සිත් යළි හදන මෙහෙ­යු­මට අපි සූදා­නම් -කාන්තා සහ ළමා කට­යුතු ඇමැ­තිනි සරෝජා සාවිත්‍රි පෝල්රාජ්

126

ආප­දා­වෙන් විනාශ වූ ගම් සහ නගර ගොඩ­නැ­ඟෙද්දී සිය අමා­ත්‍යාං­ශය බිඳුණු සිත් නැවත ගොඩ­න­ඟන මෙහෙ­යුම ආරම්භ කරන බව කාන්තා සහ ළමා කට­යුතු ඇමැ­තිනි සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහ­ත්මිය පැව­සු­වාය. ආප­දා­වෙන් නිවාස, දේපළ සහ ඥාති හිත මිතු­රන් අහි­මි­වූ­වන් ගැඹුරු මාන­සික ආත­තීන්ට පත්ව සිටිති. ඔවුන් සුව­පත් කිරී­මට කාන්තා සහ ළමා කට­යුතු අමා­ත්‍යාං­ශය සහ අනෙ­කුත් අමා­ත්‍යාංශ ඒකා­බ­ද්ධව පසු ආපදා මනෝ උප­දේ­ශ­නය සේව­යක් ආරම්භ කර ඇත.

ඒ සඳහා පුහු­ණු­ක­රු­වන් පුහුණු කිරීමේ (ToT) වැඩ­ස­ට­හන ආරම්භ කිරීම බත්ත­ර­මුල්ල සුහු­රු­පාය පරි­ශ්‍ර­යේදී ඊයේ (22දා) පැවැති අව­ස්ථා­වේදී ඊට සහ­භාගි වෙමින් ඇමැ­ති­නිය මේ බව පැව­සු­වාය.

සියලු උප­දේ­ශන නිල­ධා­රින් ආප­දාව සිදු වූ මොහො­තේම උප­දේ­ශන සේව­යට තනි තනිව මැදි­හත් වූ බවත් අදින් පසු එය නිසි ක්‍රම­වේ­ද­ය­කට අනුව සිදු කිරී­මට ශක්‍ය­තාව ලැබෙන බවත් නියෝජ්‍ය ඇමැති වෛද්‍ය නාමල් සුද­ර්ශන මහතා පැවැ­සීය.

කාන්තා සහ ළමා කට­යුතු අමා­ත්‍යාං­ශය විසින් අධ්‍යා­පන, උසස් අධ්‍යා­පන සහ වෘත්තීය අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය ග්‍රාමීය සංව­ර්ධන, සමාජ ආර­ක්ෂණ සහ ප්‍රජා සවි­බල ගැන්වීමේ අමා­ත්‍යාං­ශය ඒකා­බ­ද්ධව, අනු­බ­ද්ධිත උප­දේ­ශන නිල­ධා­රීන් පසු ආපදා උප­දේ­ශ­නය සඳහා විශේ­ෂ­යෙන් පුහුණු කිරීම මේ වැඩ­මු­ළුව හරහා සිදු කෙරේ. දිනක් පුරා­වට පැවති මේ වැඩ­ස­ට­හ­නින් පවුල් පාදක උප­දේ­ශ­නය, ළම­යින් සඳහා විශේෂ මනෝ සමා­ජ­යීය උප­දේ­ශ­නය ඇතුළු ක්ෂේත්‍ර රාශි­යක් පිළි­බඳ අව­ධා­නය යොමු­කර තිබිණි.

ජ්‍යෙෂ්ඨ මනෝ­විද්‍යා උප­දේ­ශක මහ­නු­වර වෛද්‍ය චමින්ද වීර­සි­රි­ව­ර්ධන, වෛද්‍ය දර්ශනී හෙට්ටි­ආ­රච්චි, වෛද්‍ය චතුර අබේ­සූ­රිය මහත්ම මහ­ත්මීන් ඇතුළු විශේ­ෂඥ මණ්ඩ­ල­යක් මේ අව­ස්ථා­වට සම්පත් දාය­ක­ත්වය සැප­යීය.

ඉරෝෂා දීපානි

Source – Dinmania




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!