BREAKING NEWS
Search

අපි ආවේ කෙහෙල් කැනයි හාල් මිටියයි කැබ් එකේ දාගෙන යන හිඟන වැඩේට නෙමෙයි…! – දිලිත් ජයවීර

616

 

තමන් ගමින් ගමට පැමිණියේ 76 වසරක් තිස්සේ ජනතාවට අහිමි වූ සෙනෙහසේ ආදරයේ දේශපාලනය මහ පොළොවේ පැළ කිරීම උදෙසා මිස ජනතාවගේ හාල් ගෝණිය, කෙසෙල් කැන, කරවල පන්සිය කැබ් එකේ දාගෙන යෑමට නොවන බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

ව්‍යවසායකත්ව රාජ්‍ය සංකල්පය යනු රටේ සියලු දෙනා ව්‍යාපාරිකයන් ව්‍යවසායකයන් කිරීම නොව සියලු දෙනා නිර්මාණශීලී සහ ධනාත්මක ලෙස සිතන රටක් නිර්මාණය කිරීම බව ද ඔහු සඳහන් කරයි.

76 වසරින් 50 වසරක් තිස්සේ ජනතා විමුක්ති පෙරමුණ ඍණාත්මක වෛරී චින්තනයක් මේ රටට බෝ කිරීම මගින් විශාල විනාශයක් සිදුකර ඇති බව ද දිලිත් ජයවීර පෙන්වා දෙයි.

ජනතාව අතර වෛර ද්වේෂය වපුරමින් පිරිසක් හිරේ දමමින් සතුටු වන මේ පිරිස ඔවුන්ට වඩා නැතහොත් ඔවුන් හා සමානව දූෂිත පිරිසක් බව ද මෙය සම්පූර්ණයෙන් ප්‍රෝඩාවක් බව ද ඔහු ප්‍රකාශ කරයි.

Source – Asian Mirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!