BREAKING NEWS
Search

මේ ව්‍යස­න­යට අපි ආණ්ඩු­වට ඍජුව චෝදනා එල්ල කරන්නේ නෑ -පාර්ලි­මේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා

278

 

 

රටේ ඇතිවූ ව්‍යස­න­කාරී තත්ත්වය කුමන රජ­ය­ක­ට­වත් පාල­නය කර ගැනී­මට නොහැ­කියි. ඒ නිසා වර්ත­මාන රජ­යට මේ සම්බ­න්ධ­යෙන් ඍජුව චෝදනා එල්ල කරන්න සමගි ජන බල­වේ­ගය කිසි­සේත් කට­යුතු කරන්නේ නැතැයි පාර්ලි­මේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පැව­සීය.

සමගි ජන බල­වේග ප්‍රධාන කාර්යා­ලයේ පෙරේදා (03) පැවැති මාධ්‍ය හමු­වට සහ­භාගි වෙමින් පාර්ලි­මේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා මේ බව සඳ­හන් කළේය.

වැඩි­දු­ර­ටත් ඒ මහතා මෙසේ ද පැව­සීය.

මෙවැනි ව්‍යස­න­කාරී තත්ත්ව­යක් කුමන රජ­ය­ක­ට­වත් පාල­නය කර ගැනී­මට නොහැ­කියි. ඒ නිසා වර්ත­මාන රජ­යට මේ සම්බ­න්ධ­යෙන් ඍජුව චෝදනා එල්ල කරන්න සමගි ජන බල­වේ­ගය කිසි­සේත් කට­යුතු කරන්නේ නැහැ. සති කිහි­ප­ය­කට පෙර කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව සහ විදෙස් රට­වල සිටින කාල­ගු­ණය සම්බ­න්ධ­යෙන් විශේ­ෂඥ දැනු­මක් තිබෙන පිරිස් මේ ආපදා තත්ත්වය පිළි­බ­ඳව පූර්ව දැනු­ම්දී­මක් සිදු­කර තිබුණා. නමුත් වර්ත­මාන රජය මේ සම්බ­න්ධ­යෙන් පැහැ­දිලි වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කළේ නැහැ. ඒ වගේම මේ ආප­දාව පිළි­බ­ඳව රජය පූර්ව අව­දා­නම් තත්ත්ව­යක් ප්‍රකාශ කළේ නැහැ. මේ තත්ත්වය පිළි­බ­ඳව අදාළ නිල­ධා­රීන් සහ ජන­තාව දැනු­ම්වත් කිරී­ම­ටත් රජය කිසිම වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කළේ නැහැ.

රක්ෂණ ශ්‍රියන්ත

Source – Dinamina




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!