BREAKING NEWS
Search

මධුෂ්ලවත් ලංකාවට අරන් ආවා මෙහෙම නාඩගමක් අපි දැක්කේ නෑ හැබැයි පොලිස්පති කබ්බ පෝම් කරන්න එපා කියනවා – හිටපු මන්ත්‍රී ප්‍රේමනාත්

599

 

 

31 වනදා සාමාජිකයන් පස්දෙනෙකු ලංකාවට රැගෙන ආ අතර රජය නියෝජනය කරමින් නියෝජිතයින් කීප දෙනෙක්ම ගුවන් තොටුපළ පරිශ්‍රයට පැමිණ අදාළ නිලධාරීන් ඇගේමට ලක් කෙරූ අවස්ථාවන් මාධ්‍යය තුළ ප්‍රචාරය විය.

ඒ අනුව විපක්ෂයේ බොහෝ දෙනා සඳහන් කළේ මෙවැනි ආකාරයේ මාධ්‍ය සංදර්ශන දමා රජය කුමක් බලාපොරොත්තු වන්නේ දයන්නයි. ඒ අනුව අදහස් දැක්වූ හිටපු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත මහතා සඳහන් කළේ පහත ආකාරයේ ප්‍රකාශයක්,

“පාතාලයේ කීපදෙනෙක් ලංකාවට අරගෙන ආවා.පද්මනාදන් මාකඳුරේේ මදුෂ් වගේ අයත් පහුගිය කාලෙ දිවයිනට අරගෙන ආවා.හැබැයි ඔහොම සෙල්ලමක් නම් අපි දැක්කේ නැහැ. ඇමති ගිහිල්ලා, පොලිස්පති ගිහිල්ලා පොලිස්පති කියනවා කබ්බෝ පෝම් කරන්න එපා කියලා හැබැයි පොලිස්පති කියන්නෑ ඇමතිතුමා ෆෝම් කරන්න එපාද වෙන කවුරුත් ෆෝම් කරන්න එපා කියලද?

ඇත්ත කබ්බො ෆෝම් කරන්න එපා.මේ ආණ්ඩුව පසුගිය කාලේ කිව්වේ යුද්දෙ අවසන් කලේ රණවිරුවෝ මහින්ද මහත්තයා නෙවෙයි කියලා. හැබැයි දැන් පාතාලේ මිනිස්සු ඇරන් එද්දී ඔන්න ආණ්ඩුවේ ගුණ වර්ණනා කරනවා.ප්‍රභාකරන් මරපු වෙලාවෙ මේගොල්ලෝ හිටියනම් 159 දෙනාම එක ගොල්ලට නන්දිකඩාල් කලපුවට ගිහින් නාලා පැනල ගිලිලා මං දන්නෑ මොන විහිලු සපයයිද කියලා” යනුවෙන් අදහස් ප්‍රකාශ කර තිබුණි.

Source – Asaian Mirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!