BREAKING NEWS
Search

අපි පොරොන්දු දුන්නේ අවුරුදු පහකට… ඒවා ඉටු කරන්න තව ගොඩක් කාලය තිබෙනවා…- චතුරංග

638

තම ආණ්ඩුවට මැතිවරණ පොරොන්දු ඉටුකිරීමට වුවමනා තරම් කාලය ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.

“විශේෂයෙන්ම ඇමරිකානු බදු සම්බන්ධයෙන් තව දුරටත් සාකච්ඡා කරන මතයේ තමයි රජය සිටින්නේ. මේ කලාපයට සාපේක්ෂව අපට අඩු බදු ප්‍රමාණයක් ලැබිලා තිබුණත් එය තව දුරටත් අඩුකර ගැනීම සඳහා සාකච්ඡා සිද්ධ වෙනවා. ඒ සඳහා කණ්ඩායමක් පිටත්ව යාමටත් සූදානම්.

ඒ පිළිබඳව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමා ප්‍රකාශයක් කරලා තිබ්බා. අපි විශ්වාස කරනවා මේ මාසය ඇතුළත රජයක් විදියට උපරිම උත්සාහය ගනීවි මේ සාකච්ඡාවල උපරිම ප්‍රතිඵල ලබාගන්න. මොකද අපෙ රටේ ස්වෛරීත්වය ආරක්ෂා කරගෙන වෙළඳාම සහ ආයෝජන පිළිබඳ මේ සාකච්ඡා තීව්‍ර වෙයි කියන බලාපොරොත්තුව අපට තියෙනවා.

අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය අපේ පිටු දෙසීය ගාණකින් සමන්විත ප්‍රතිපත්ති ප්‍රකාශයක්. ඒ නිසා කෙනෙක්ට තෝරාගත්, ඔවුන්ට කැමති දේවල් පමණක් ලඝූ කරමින් ඕනෙම ඉන්ඩෙක්ස් එකක් හදන්න පුළුවන්. හැබැයි ජාතික ජන බලවේගය ජනතාවට ලබාදුන්නේ වසර පහක පොරොන්දු. ඉතින් ඒ වසර පහක පොරොන්දු ඉටුකරගැනීමට අපට තවත් ඇති තරම් කාලය තියෙනවා. ඒ සඳහා ජනාධිපතිතුමා ඇතුළු රජය ඇප කැප වී සිටින බව තමයි අපට කියන්න පුළුවන්.”

චතුරංග අබේසිංහ මේ බව පැවසුවේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

lanka C news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!