ඔහු ආන්දෝලනයට තුඩදුන් මන්ත්‍රීවරයෙක්..
මෙවර පාර්ලිමේන්තුවේ ආරම්භක දිනයේ පටන් මේ මන්ත්‍රීවරයා ගැන කතා බහක් නිර්මාණය වුණා..
දැන් වෙනකොට ඔහු පාර්ලිමේන්තුවේ කතා මවන චරිතයක් වෙලා කිව්වොත් හරි.. ඊයේ පාර්ලිමේන්තුවේදීත් ඔහු කතාබහට ලක්වුණේ මේ මාතෘකාව නිසා කිව්වොත් හරි.. Fingerprint එක කියන්නේ ඕනෑම ආයතනයක සේවකයින් කාර්‍යක්ෂමතාව සෑදිය හැකි මුල්ම තැන කිව්වොත් හරි..
ඉතින් මේ තරම් කාලයක් එය ක්‍රියාත්මක නොවුණු රජයේ ආයතන අදටත් තියනවා ඔහු මේ සිහිපත් කරන්නේ අන්න ඒ ගැනයි.. පාර්ලිමේන්තුවේදී කාගේත් අවදානය දිනාගත් ඒ අවස්ථාවේදී ඔහු පැවසුවේ මෙන්න මෙවැන්නක්..
“Fingerprint එක හැම ආයතනයකටම අනිවාර්යයෙන්ම ගෙන්න ඕන. හැබැයි අපි ඒක මුලින් පටන් ගන්න ඕන පාර්ලිමේන්තුවෙන්..
බලන්න මෙතන කී දෙනෙක් ඉන්නවද කියලා? අපි 51,000 ක් පඩිය ගන්නවා.. සම්පුර්ණ පඩිය ලක්ෂ 3 1/2 යි. සමහර මන්ත්‍රීලා දවස් 66 න් 25 යි ඇවිල්ලා තියෙන්නේ..
මිලියන ගානක් වියදම් කරලා රැස්වෙන පාර්ලිමේන්තුවට අපි හරියට එන්නේ නෑ.. නීති කියන එක රටේ හැමෝටම සමාන වෙන්න ඕන.. විනිසුරුවෙකුට තියන නීතියම තමයි නීතිඥවරයෙකුටත් තියෙන්න ඕන..
හොස්පිටල් එක ඩිරෙක්ටර කෙනෙක්ට තියන නිතියමයි සුළු සේවකයටත් තියෙන්න ඕන… මං ආණ්ඩුවට අභියෝග කරනවා රටේ හැමෝටම එකම නීතියක් ගේන්න කියලා..”
Hiru Gossip







