තම රජය භාරගත්තේ ණයවර ලිපියක් විවෘත කර ගැනීමට නොහැකිව තිබූ බංකොලොත් භාවය ප්‍රකාශයට පත් කර තිබූ රටක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.
එතැන් සිට ගතවූ වසරක කාලය තුළ ක්‍රමානුකූලව ජනතාවට දැනෙන ජීවන බර යම් ප්‍රමාණයකින් සැහැල්ලු කිරීමට වත්මන් රජය කටයුතු කරන ලද බවද හෙතෙම කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටිය අද කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් වෙත ප්‍රතිචාර දක්වමිනි.
source – lanka C news







