BREAKING NEWS
Search

ඇමරිකාව සමග එකඟ වූ කරුණු හෙළි කරන්න බැ..’ – නියෝජ්‍ය ඇමැති කියයි

776

අමෙරිකානු තීරුබදු සම්බන්ධයෙන් වන සාකච්ඡා මෙතෙක් අවසන් නොවීම හේතුවෙන් අමෙරිකාව සමඟ එකඟ වූ කරුණු අනාවරණ කිරීමට නොහැකි බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ  (17) පැවති “අද දෙරණ බිග් ෆෝකස්” වැඩසටහනට එක්වෙමිනි.

“මේක තාක්ෂණිකව බේරගන්න ඕනේ එකක් තියෙනවා. ඒ රටවල් දෙක විතරයි ඔය කරුණු ටික ඉදිරිපත් කරන්නේ. ඇයි ඒ, ඒ රටවල් දෙක විතරයි අවසාන ගිවිසුමට එළැඹුණේ. අවසාන ගිවිසුමකට එළැඹෙන්නේ නැතුව සාකච්ඡා කරන කරුණු හෙළිදරව් කළයුතු වන්නේ නෑ ….. ඒක තමයි රාජතාන්ත්‍රිකභාවය කියන්නේ. එකට අපි කියනවා “non disclosure exclusivity” කියලා. එතකොට වඩා නිවැරදි රාජතාන්ත්‍රිකභාවය වියයුතු වන්නේ ගිවිසුමට එළැඹුණාට පස්සේ. අමෙරිකානු එක්සත් ජනපදයෙන් දැන් අපිට offer කරලා තියෙනවා භාන්ඩ ලයිස්තුවක් 1,161ක. අපි එහෙට අපනයනය කරන. මේ 1,161න් 42ක්ම කෘෂිකර්මික නිෂ්පාදන සහිත භාණ්ඩ. ඇගලුම් රෙදිපිළි ඔක්කෝම තියෙනවා. එකෙන් 70%ත් 80%ත් අතර කාණ්ඩයකට බොහෝ දුරට 80%ක් විතර අපිට 0% දෙන්න ඒගොල්ලෝ එකඟතාවය ප්‍රකාශ කරලා තියෙනවා. එ්කේ අවසානය නැති නිසා තමයි අපි එකින් එක කියන්නේ නැත්තේ. අපනයනය කරද්දි 0%ක් දෙන්න.

ඒ වගේම අපි එයාලගෙන් ආනයනය කරද්දිත් අපිට 0% දෙන්න පුළුවන් ටික අපි සාකච්ඡා කරමින් ඉන්නවා. ආනයන පැත්තෙන් ගත්තාම මිලියන 300 ගානක් නිසා අපිට දැනටත් තියෙන්නේ අමෙරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ වලට පැනවෙන තීරු බද්ද විචලනය 0%ත් 20%ත් අතර එතකොට සමහර ඒවා අපි පොඩ්ඩක් පල්ලෙහාට ගෙනාවා කියලා ආණ්ඩුවට විශාල ආදායම් අඩු වීමක් සිදු වන්නේ නෑ.”

මේ අතර, අමෙරිකානු තීරුබදු ප්‍රතිශතය තවදුරටත් අඩුකර ගැනීමේ සාකච්ඡා පැවැත්වීමට මෙරට නියෝජිත කණ්ඩායමක්  (18) අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

ada derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!