BREAKING NEWS
Search

එයාලා අපහස කරන්නේ ලපයක් අල්ලගෙන – නි.ඇමති නලින්, රෝහිණීට නැවත අමතයි (Video)

225

තම පක්ෂය විසින් සැලසුම් කර ඇති විශාල දේශපාලනය රෝහිනී කවිරත්න මන්ත්‍රීවරයට නොතේරෙන නිසා ඇයට ළමා කවිරත්න යයි පාර්ලිමේන්තුවේදී තමා ඇමතු බවත් ඒ හැර ඇයට අපහාස කිරීමේ උවමනාවක් නොතිබූ බවත් නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා සඳහන් කරයි.

තඹුත්තේගම දුම්රිය ස්ථානයට විශාල මුදලක් අයවැයෙන් වෙන් කර ඇත්තේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ගම් ප්‍රදේශයේ නිසා බවටද ඇය බොළඳ චෝදනාවක් එල්ල කළ බව පැවසූ ඔහු එම දුම්රිය ස්ථානය සංවර්ධනය කරන්නේ ප්‍රවාහනයේ විශාල පිම්මක එක් පියවරක් ලෙස පමණක් බවද කියා සිටියේය.

ඔවුන් අපහාස කරන්නේ මුහුණේ ඇති ලපයක් හෝ ශරීරයේ දුබලතාවයක් අල්ලගෙන බවද පැවසූ ඔහු මෙවන් ව්‍යාජයන්ගෙන් රටේ ජනතාවගේ මනස විකෘති කර නොහැකි බවද තව දුරටත් පැවසුවේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!