BREAKING NEWS
Search

ඔවුන්ට සිදුවුනේ කුමක්ද ? තවමත් අභිරහසක්..? යටිනුවර විපක්ෂ නායකවරයා, ඔහුගේ බිරිඳ සහ දියණියට අත්වූ සංවේදී ඉරණම

4147

යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායකවරයා, බිරිඳ සහ දරුවා සිය නිවස තුළ මියගොස් ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය පවසන්නේ යටිනුවර, යහලතැන්න ප්‍රදේශයේ පිහිටි විපක්ෂනායකවරයාගේ නිවස තුළ තිබී අදාළ මළසිරුරු සොයාගෙන ඇති බවය.

මියගොස් ඇත්තේ 52 හැවිරිදි පුද්ගලයෙක්, 44 හැවිරිදි ඔහුගේ බිරිඳ සහ 17 හැවිරිදි දියණිය බව සඳහන්ය.

යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති අතර බිරිඳ සහ දියණියගේ සිරුරු නිවසේ කාමර තුළ තිබී හමුවී ඇති බව පොලීසිය සඳහන් කළේය.

පේරාදෙණිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Source – Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!