BREAKING NEWS
Search

ශතකයට හයියක් වුනු පවන් කල දේ..

505

මෙන්ඩිස් අවුට් උනාට පස්සෙ Momentum එක ගන්න ඔසීලට පුලුවන් උනා.වෙන දවසක වගේනම් අලුතෙන් එන ක්‍රීඩකයා ඩොට් බෝල් ගහලා නිස්සංකට පීඩනය දෙනවා.

ඒත් පවන් මුහුණ දුන්න පලවෙනි බෝල දෙකටම හතරෙ දෙකක් ගහලා තමන්ගෙ ඉනිම පටන් ගත්‍තෙ 👏 ඔසීලා මැච් එකට එන්න අවස්ථාවක් හදාගද්දි ඒ චාන්ස් එක එතනින්ම වහලා දාන්න පවන්ට පුලුවන් උනා ❤️

ඊට පස්සෙ නිස්සංකට කිසිම ප්‍රෙශර් එකක් නැතුව සුපුරුදු පහරවල් ගහගෙන මැච් එක ඉවර කරන්න පුලුවන් උනා.පවන් අනිත් පැත්තෙන් දෙන්න ඕන සපෝට් එක මෙන්ඩිස් අවුට් උනාට ඒ විදියටම නිස්සංකට ලබා දුන්නා…🫡

මේක තමයි මැදපෙල ක්‍රීඩකයෙක්ගෙන් ටීම් එකට අවශ්‍ය.ඉස්සර හඹායද්දි ඕපන් එක කොච්චර ගහලා දුන්නත් මැදපෙලේ දියාරුව නිසා ලංකාව මැච් පැරදුණා.හැබැයි පවන් මැදපෙල ගහන්න ගත්‍ත දවසෙ ඉඳන් ඒ අඩුව ලංකාවට දැණුනෙ නෑ.🙌

ගැහුවෙ ලකුණු 28ක් උනාට මැච් එකේ Situation එකත් එක්ක ඒක පට්ටම Cameo එකක්.Well Done Pavan 👏

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!