BREAKING NEWS
Search

සර්ව ජනබලයේ අපි කරන්නේ මහින්ද රාජපක්ෂගේ නැතිවුණු ඡන්ද ටික හදන එක”

731

 

සර්ව ජනබලයේ අරමුණ මහින්ද රාජපක්ෂගේ වැඩපිළිවෙල වෙනුවෙන් බලවේගයක් නිර්මාණය කිරීමට උර දීම බව සර්ව ජනබලයේ නායක පා.ම දිලිත් ජයවීර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

පසුගියදා (18) නක්කවත්ත කොට්ඨාසයේ සර්වජන සභාව පිහිටුවීම සඳහා එක්වෙමින් මේ අදහස් පළ කළේය.

මාධ්‍යවේදීන් නැඟූ පැනයකට පිළිතුරු ලබාදෙමින් මහින්ද රාජපක්ෂගේ පිළිම නෙළමින් එතුමාට ගෞරව දැක්විය යුතු බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ නම් නායකයාගේ දේශපලන ගමන්මඟට බාධා කළේ පවුල් දේශපාලනය බවද වැඩිදුරටත් අදහස් දක්වමින් දිලිත් ජයවීර මහතා පැවසුවේය.

නියම දේශපාලනය මහපොළොවේ පවතින බවත් නාමල් රාජපක්ෂ සමාජ මාධ්‍ය උපයෝගී කොට ගත්තද ඒ තුළින් පමණක් ජනාධිපති ධූරය ලබාගැනීමට කිසිසේත්ම නොහැකි බවද සඳහන් කළේය.

නාමල් රාජපක්ෂ මහතාට ඇමති ධුර පහක් තිබූ බවත් සියලු ඇමති ධුර අධීක්ෂණය කිරීමට ද පැවරී තිබූ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂගේ දැක්ම ඉදිරියට ගෙනයාමට කටයුතු කරන බවත් සර්ව ජනබලයේ නායක පා.ම දිලිත් ජයවීර මහතා අවධාරණය කළේය.

Source – Dinamina




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!