BREAKING NEWS
Search

රටබීම තොගයක් විනාශ කරන්න යද්දී තිබිලා තියෙන්නේ පල් වතුරයි තේ කහටයි. රස පරීක්ෂක වාර්තාවක් කැඳවයි !

932

 

පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ විදේශීය මත්පැන් බෝතල් තොගයක් අධිකරණ නියෝග අනුව විනාශ කරන අවස්ථාවේදී පල් වතුර සහ තේ කහට බවට පත් කළේ කවුරුන්ද? යන්න අනාවරණය කර ගැනීම සඳහා රජයේ රස පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය අද (01) කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළාය.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ නඩු බඩු කාමරයේ ගබඩා කර තිබූ විදේශීය මත්පැන් බෝතල් 81ක් සහ බියර් බෝතල් 150ක් මෙසේ රජයේ රස පරීක්ෂකවරයාට යොමු කිරීමට නියෝග කළාය.

පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අදාළ මත්පැන් තොගය විනාශ කරන ලෙසට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා පසුගිය පෙබරවාරි 17 දින නියෝග කර තිබුණි.

මත්පැන් තොගය විනාශ කිරීමේදී ඒවා සැබෑ මත්පැන් නොවන බවට මහෙස්ත්‍රාත්වරයා විසින් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව බෝතල්වලට යළි සීල් තබා අධිකරණ නඩුබඩු කාමරයේ ගබඩා කරන ලෙසට නියෝග කර තිබුණි.

මත්පැන් තොගය පල් වතුර හා තේ වතුර බවට පත්කළේ කළේ කවුරුන්ද යන්න ගැන වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කර තිබුණි.

ඒ අනුව අදාළ බෝතල් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙස පොලීසිය කළ ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරය අනතුරුව මෙම නියෝග නිකුත් කළාය.

Source – Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!