BREAKING NEWS
Search

දෙවියන් වදින්න යනකොට දෙවියන් ලග හදුන් දිවියෙක්…

329

ආගරපතන පොලිස් වසමට අයත් ඩෙල්මෝරා වතුයායේ ග්‍රැන්ඩිල් කොටසේ වතු කෝවිල තුල හදුන් දිවියෙකු කොටු වී සිටින බව ආගරපතන පොලිසියේ නිළධාරියෙකු පැවසීය.

එම වතුයායේ වතු කම්කරුවන් (11) දින උදෑසන වැඩට යෑමට ප්‍රථම දෙවියන් වැදීමට කෝවිලට ගිය අවස්ථාවේ දේවරූප අසළින් හදුන් දිවියෙකු පැමිණ එම හදුන් දිවියා කොවිලේ සිවිලිම මත රැදී සිටින බවයි එම වතු යායේ වතුකම්කරුවන් කියා සිටියේ.

(10) දින රාත්‍රි යේ කෝවිලේ දොර විවෘත කර තිබූ අවස්ථාවේ තේ වත්තේ සැරි සැරූ හදුන් දිවියා කෝවිල තුලට ඇතුලු වන්නට ඇති බවට සැක කෙරෙන අතර, එම හදුන් දිවියා මුදා ගැනීමට කටයුතු කරන ලෙසයි නුවරඑලිය වන ජීවි කාර්යාලයේ නිළධාරින්ට දැනුම් දි ඇති බව ආගරපතන පොලිසියේ නිළධාරින් පැවසීය.

රංජිත් රාජපක්ෂ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!