BREAKING NEWS
Search

ආණ්ඩුවේ ගෙවල්වල ඉන්න කොට යන්න කිව්වාම යන්න ඕනෑ.. ඉතිං මං ගමට ගියා..- මහින්ද

801

“ආණ්ඩුවේ ගෙවල්වල ඉන්න කොට යන්න කිව්වාම යන්න ඕනෑ. ගමට යන එක හොඳයි” යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

හිටපු ජනාධිපතිවරුන්ගේ නිල නිවාස ඇතුළු වරප්‍රසාද අහෝසි කිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාගෙන් කළ විමසීමකදී එසේ ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

‘මේ ආරංචිය ලැබුණු වෙලාවේ ඉඳන් විජේරාම ගෙදරට පිරිස ගලාගෙන එනවා. මම මගේ ගමට යෑමට තීරණය කළා. කොළඹ අත්හැර යෑමට කටයුතු කළා.

ඇත්තටම ගම සුන්දරයි. අසුන්දර මිනිස්සු ඒවායේ නැහැ. මේ ආණ්ඩුව මේ වැඩපිළිවෙළ දිගටම කරගෙන යයි. වෙලාව ආවම ජනතාව තීරණයක් ගනීවි. ආණ්ඩුවේ ගෙවල් ගත්තම යන්න කිව්වාම යන්න ඕනෑ.

මේ ප්‍රශ්නවලට මම කලකිරෙන්නේ නැහැ. ඒවට බය නැතිව මුහුණ දෙනවා’

– Divaina




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!